සිසුවියන් දෙනෙකු විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් ඩී.එස්. විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක

සිසුවියන් දෙනෙකු විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් ඩී.එස්. විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක

මේ වසරේ එක ශ්‍රේණිය ප්‍රාථමික පාසල් අධ්‍යාපනය තමන්ට අහිමිවු බව කියමින් සිසුවියන් දෙනෙකු තමන්ව විද්‍යාලයට ඇතුලත්කර ගන්නා ලෙස ඉල්ලමින් අනුරාධපුර ඩී.එස්.සේනානායක ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට සිය දෙමාපියන් සමග විරෝධතාවක නිරතවි පසුව සිසුවියන් දෙදෙනා මවුපියන් සමග පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණ මහතාට දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරිම සදහා අද (05දා) උතුරුමැද පළාත් සභා පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ කාර්යාලය…

hiv

HIV එන්නත අසාර්ථකයි

ඒඩ්ස් රෝගය සඳහා බලපාන එච් අයි වී වෛරසය මර්දනය සඳහා අත්හදා බැලූ එන්නත අසාර්ථක බව විද්‍යාඥයන් පවසනවා. දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් පන්දහසකට එන්නත ලබා දුන්න ද ඉන් සාර්ථක ප්‍රතිඵල අත් නොවූ බව විද්‍යාඥයන් සදහන් කරයි. කෙසේ වෙතත්  අත්හදා බැලීම අඛණ්ඩවම සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි විද්‍යාඥයන් පවසයි.

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පලඟ ශූරතාව එංගලන්තයට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පලඟ ශූරතාව එංගලන්තයට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 152කින් පරාජය කිරීමත් සමඟ පලඟ ශූරතාව හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව  තිබෙනවා . තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා . ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ,ලකුණු 279ක් ලබාගත්…

නිදහස් සැමරුමට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුභපැතුම්

නිදහස් සැමරුමට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුභපැතුම්

72 වන නිදහස් සැමරුම වෙනුවෙන් අමෙරිකාව ශ්‍රී ලංකාවට සුබපැතුම් එක්කර තිබේ.  අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා කැපවන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි. ඉදිරි වසර තුළ දෙරට අතර සම්බන්ධතාවය ගැඹුරු කිරීමටත් අපේ රටවල් දෙකටම දීප්තිමත් අනාගතයක් සඳහා එක්…

දකුණේ ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක්

දකුණේ ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක්

දකුණු පළාතේ ප්‍රදේශවල ගවයින්ට කුර සහ මුඛ රෝගයක් පැතිර යාමේ අවදානමක් පවතින බව දකණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. දැනට තිස්සමහාරාම සහ සූරියවැව ප්‍රදේශවලින් මෙම තත්ත්වය වාර්තා වන බවයි. තත්ත්වය පාලනය සදහා එම ප්‍රදේශවලින් ගවයින් ප්‍රවාහනය කිරීම සීමා කරන ලෙසට සත්ව පාලකයින්ට දැනුම් දී ඇති බවයි සඳහන්.

අමෙරිකානු සහාය චීනය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු සහාය චීනය ප්‍රතික්ෂේප කරයි

කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීමට අමෙරිකානු සහාය චීනය විසින් ප්‍රතික්ෂේප කරයි. වෛරසය පැතිරයාම හමුවේ පොදු සෞඛ්‍යමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර, චීනයෙන් පැමිණෙන විදේශිකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට අමෙරිකාව පියවර ගත් පසුබිමකදී ය.

bandana

සිරකරුවන්ට අද නිදහස

ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවෝ 512ක පිරිසක් අද (4) ජාතික නිදහස් දිනය දා නිදහස ලබයි. පසුගිය ජනවාරි 31දා දක්වා දඩ මුදල් ගෙවාගත නොහැකිව සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන්, සිරදඬුවම් විඳින අවුරුදු 70ට වැඩි සිරකරුවන්, අවුරුදු 10කට වඩා දඬුවම් කාලයක් බන්ධනාගාර තුළ යහපත් කල් ක්‍රියාවෙන් ගතකර ඇති රැඳවියන්ට සිය දඬුවම් කාලය වසරකට දින 7 බැඟින් අඩුකර…

චීන ජාතිකයන් කොන්කරන්න එපා

චීන ජාතිකයන් කොන්කරන්න එපා

ශ්‍රී ලංකාවේ සිටින විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසත්, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගියදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරාව එම තනතුරින් ඉවත් කර ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුව  සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිම මීට හේතු වී ඇත. අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර…

මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්

මදීනා ෆුඩ්ස්හි පාරිෙභා්ජනයට නුසුදුසු ටොන් 17.5 ක්

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වත්තල හැඳල ප්‍රදේශයෙන් සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි. කල් ඉකුත් වූ නිෂ්පාදනවල ලේබලය ඉවත් කර නව…