dailyreporter.lk
|

ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?

1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී…

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
|

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු

ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී වැඩිහිටියන්ට සීමාවූ රෝගයක් වූ දියවැඩියාව අද වන විට කුඩා ළමුන් අතරත් සුලබව දකින්න පුළුවන්. මෙම තත්ත්වයට ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ අපගේ වැරැදි ආහාර රටාවයි. එහිදි සෞඛ්‍යයට එතරම් හිත කර නොවන පිටි ආහාර සහ කෘත්‍රිම ආහාර වර්ග නිතර ආහාර වේලට එකතු කර ගැනීම දියවැඩියා රෝගී…

කොළඹ කුළී නිවාස 50,000කට ඔප්පු

කොළඹ කුළී නිවාස 50,000කට ඔප්පු

කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින අඩු ආදායම්ලාභී නිවාස 50,000ක් එම නිවාස වල කුළී පදනම මත සිටින ජනතාවට ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය. ඒ සදහා ඔප්පු ලබාදීමට පියවර ගනු ලැබේ. වැඩිහිටි පුරවැසියන් සදහා වන රුපියල් 2000ක මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද…

රාජ්‍ය සේවකයින්ට රු.17,800ක දීමනාවක්

රාජ්‍ය සේවකයින්ට රු.17,800ක දීමනාවක්

රාජ්‍ය සේවකයින්ට 2024 ජනවාරි මස සිට රු. 17,800ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. රාජ්‍ය සේවකයින්ට 2015 වසරින් පසු වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බව ත් එබැවින් රාජ්‍ය අයවැය සමබරතාව නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයිනට සහනයක් ලබා දීමට එලෙස යෝජනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. “රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල…

dailyreporter

මීරිගම අඹේපුස්ස අතර දුම්රියක් නවතී

ප්‍රධාන මාර්ගයේ මීරිගම හා අඹේපුස්ස අතර කාර්යාල දුම්රියක් අද(13) උදේ කාර්මික දෝෂයකට ලක් වී ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කාර්යාල සේවකයින්, පාසල් සිසුන් හා සෙසු මගීන් දැඩි අසීරුතාවයකට පත් විය. කාර්මික දෝෂයට ලක්වූ එම දුම්රිය යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව…

parliament-of-sri-lanka

දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත සම්මතයි

දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත වී තිබේ. පනත් කෙටුම්පත දෙවන වර කියවීම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරිණි. ඒ අනුව පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විිය.

cricket
| |

ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි

කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. මේ රටේ අමාත්‍යවරයෙකුට…

කාසල්රි පිටාර මට්ටමේ, විමලසුරේන්ද්‍ර වාන් දමයි

කාසල්රි පිටාර මට්ටමේ, විමලසුරේන්ද්‍ර වාන් දමයි

මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ඡලාශයේ ජල මට්ටම් පිටාර මට්ටමට ඉතාමත් අසන්නවෙමින් පවතින බව එම ජලාශබාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතාමත් ආසන්නව පවතින බවත්ය. ඒ අනුව…

සාකච්ඡාවෙන් පසු අස්වැසුමට සහාය දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු එකඟ වෙති

සාකච්ඡාවෙන් පසු අස්වැසුමට සහාය දෙන්න ප්‍රාදේශීය ලේකම්වරු එකඟ වෙති

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; අද පෙරවරුවේ මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපති කාර්‍යාලයේ දී පවැත්වුණු බවයි. අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළට සහාය දැක්වීමට ඔවුන් එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසන ලදි.