ණයපත් පොලී අනුපාතය ඇතුළු අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින පොලී අනුපාත කිහිපයක් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්‍ෂ්මන් මහතා මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.

ණය කාඞ්පත මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 28 සිට 18 දක්වාත් පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 24 සිට 16 දක්වාත් සහ උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 12 සිට 10 දක්වාත් අඩු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

More Stories