vehicles imported to Sri Lanka

පෙබරවාරි 1දා සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුවෙමින් තිබේ. එහෙත්, අධික බදු හේතුවෙන් වාහන අලෙවිය සීමා වී ඇති බව වෙළඳපොළ ක්‍රියාකරුවෝ පවසති.

අලුත් වාහන ආනයන සමාගම් වාහන ඇණවුම් ලැබීමෙන් පසු වාහන ආනයනය සඳහා කටයුතු කරන නිසා අලුත් වාහනයක් ලබාගැනීමට මාස 4-6 පමණ දක්වා කාලයක් ගතවේ. ආනයනය කළ වාහන මාස තුනක් ඇතුළත ලියාපදිංචි නොකළහොත් ආනයනකරුවන්ට දණ්ඩනයන්ට ලක්වන්නට සිදුවීම එයට හේතුවයි.

මේ අතර, පසුගියදා හම්බන්තොට වරායට ජපානයේ පාවිච්චි කරන ලද වාහන 1,560ක් ලැබුණු බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කළේය. Toyota Land Cruiser, Prado, BMW, Mercedes-Benz, Toyota Raize, Honda Vezel, Daihatsu, Suzuki Wagon R වැනි වාහන ඒ අතර විය.

ශ්‍රී ලංකා රජය වාහන ආනයනකරුවන්ගෙන් වසරකට රු. බිලියන 300කට වැඩි ආදායමක් බලාපොරොත්තු වෙයි.

More Stories