මාස 3කට පසු කොළඹ කොටස් වෙළඳපොළේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 5000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
සමස්ත දර්ශකය දිනය අවසන දී ඒකක 65කින් ඉහළ ගොස් 5055.57ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 1.31ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.
එස්.ඇන්ඩ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 69.81කින් ඉහළ ගොස් ඇත.
කොටස් වෙළඳපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 ඉක්ම විය.