gas

දිවයිනපුරා  ඇති වී තිබෙන ගෑස් හිඟය නිසා ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ ගෑස්  රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් වල ඇති   වු   ප්‍රමාදයක්   හේතුවෙන්   මෙම තත්ත්වය ඇති  වූ බවයග ගෑස් රැගත් නෞකාවක්  අද (29)  පැමිණිමට  නියමිතව තිබුණද එය එසේ නොපැමිණිම මීට හේතුව වී තිබේ.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ සෞදියේ හා ඉරාකයේ ඇතිව තිබෙන යුද ගැටුම් හේතුවෙන් මෙරටට පැමිණෙන ගෑස් නැව් ප්‍රමාද වී පැමිණෙන හෙයින් මෙම තත්ත්වය මතුව ඇති බවය. නමුත් මේ වන විට නැවක් පැමිණ ඇති බවත් ඒම ගෑස් මේ වන විට දිවයින පුරා බෙදා හැරීමට කඩිනමින් කටයුතු කරන බවද ඒම සමාගම පවසයි.

ගෑස් හිගය හේතුවෙන්  නාගරික ජනතාව සහ හෝටල්, ආපනශාලා, බේකිරි හිමියන් ඇතුළු  බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටින අතර ඔවුන් පවසන්නේ මෙය කුමන්ත්‍රණයක් බවය.

මේ සම්බන්ධයෙන්  කර්මාන්ත හා වානිජ කටයුතු  අමාත්‍යංශයේ නිලධාරියෙකුගෙන් විමසීමේදී කියා සිටියේ ගෑස් හිගය බලපෑම් කරනු ලැබුයේ සෞදි අරාබියේ ගෑස් අපනයනය 40% කින් අඩු කිරීම බවය.

-ශානි පොල්ගම්පල-

More Stories