පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට චීන – ශ්‍රී ලංකා මහබැංකු අතර ඇ.ඩො. බිලියන 1.5 ක මූල්‍ය හුවමාරුවට අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා චීන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පසුගිය දා පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදීය.

එසේම තවද ශ්‍රී ලංකා චීන නිදහස් වෙළද ගිවිසුම යටතේ ඇගලුම් ,තේ සහ මැණික් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට චීන වෙළදපළට ප්‍රවිශ්ට වීම සදහා පහසුකම් පුළුල් කර දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

More Stories