The Dead Horse Theory Dead Horse Theory,,What is Dead Horse Theory,,Dead Horse Theory in management,,Dead Horse Theory meaning,,Dead Horse Theory examples

“මළ අශ්ව න්‍යාය” ගැන අසා තිබේද? එය මිනිසුන්, සමාගම් සහ මුළු රටවල් පවා විසඳාගත නොහැකි ගැටලුවලට මුහුණ දෙන ආකාරය පැහැදිලි කිරීමට යොදාගන්නා උපහාස කතාවකි.  මෙහිදී ගැටලුව විසඳිය නොහැකි බව පිළිගැනීම හැර අන් සියල්ල කරනු ලැබේ.

මූලික අදහස සරලයි. ඔබ නැගී සිටින්නේ මිය ගිය අශ්වයෙකුගේ පිටේ බව ඔබට වැටහෙන්නේ නම්, කළ යුතු බුද්ධිමත්ම දෙය වන්නේ අසු පිටෙන් බැස යාමයි.

එහෙත්, සාමාන්‍යයෙන් සිදුවන්නේ එය නොවේ. ඒ වෙනුවට, මිනිස්සු පහත දැක්වෙන ආකාරවල හාස්‍යජනක දේ කරනු දැකිය හැකිය. එනම්:

🏇 අලංකාර නව සෑදලයක් මිලදී ගැනීම.
🥕 අශ්වයාගේ ආහාර වේල වැඩි දියුණු කිරීම.
👨‍💼 අසරුවා මාරු කිරීම.
🚪 අශ්වයාගේ භාරකරු නෙරපා හැරීම.
🏁 උපාය මාර්ගික රැස්වීම් පැවැත්වීම.
📑 ගැටලුව විමර්ශනය කිරීමට කමිටුවක් පිහිටුවීම සහ පිටු 50ක වාර්තාවක් ලිවීම. අවසාන නිගමනය මෙසේ විය හැකිය:  ඔව්, අශ්වයා මැරිලා.
🏆 මියගිය අශ්වයා අනෙකුත් මියගිය අශ්වයන් සමඟ සංසන්දනය කිරීම.
📈 නව අශ්ව පුහුණු වැඩසටහනක් දියත් කිරීම.
🧐 “මියගිය” යන්න නැවත අර්ථ දැක්වීම.

මෙමගින් උගත යුතු පාඩම මෙයයි:
සමහර විට, යථාර්ථයට මුහුණ දීම වෙනුවට, මිනිස්සු ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තුවෙන් මුදල්, කාලය සහ ශ්‍රමය විසි කිරීමට කැමැත්තක් දක්වති. එහෙත්, අශ්වයා මිය ගොස් ඇති බව පිළිගෙන අලුත් ගමනක් යාම වඩා හොඳය. 😆

More Stories