ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින ටයර් ලොව පෙරළිකාර ප්‍රමුඛයා DSI Tyres ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ රබර් ටයර් සහ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මාන යෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේ DSI Tyres සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කවින්ද රාජපක්ෂ වෙත මෙමරිදී සම්මානය පිරිනැමිණි.

දශක තුනකට අධික ඉතිහාසයක් සහිත DSI Tyres සමාගමේ නිෂ්පාදන අතර බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රී වීල් ටයර්, කර්මාන්ත ටයර්, රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ බයිසිකල් ප්‍රමුඛස්ථානයක් ගනි. DSI Tyres වර්තමානයේදී ISO 9001:2015, INMETRO Certification, SLS, Tanzania Bureau of Standards, E4 Marking සහ BIS (Bureau of Indian Standards) සහ ඇතුළු තත්ත්ව සහතික රැසකින් පිදුම් ලබා ඇත. විදේශ විනිමය අර්බුදයත් සමඟ DSI Tyres දේශීය වෙළෙඳපොළට නිෂ්පාදන සැපයීම වේගවත් කරමින් අපනයන ඉලක්කද වර්ධනය කර ගනිමින් ව්‍යාපාර ජාලය පුළුල් කිරීමට පියවර ගත්තේය. DSI Tyres නිෂ්පාදන සඳහා ඇති ජාත්‍යන්තර ඉල්ලුම වර්ධනය වීම සුවිශේෂත්වයකි. DSI Tyres සමාගම අඛණ්ඩව සමාජ වගකීම් සහ ආචාර ධර්මවලට අනුකූලව ව්‍යාපාරවල නියැලේ.

කොවිඩ් වසංගත සමයේදී මෙන්ම වත්මන් ආර්ථික අර්බුදකාරී අවස්ථාවේදීපවා සේවකයන්ගේ සුබසාධනය කෙරෙහිද වැඩිඅවධානයක් යොමුකරමින් නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට DSI Tyres ගත් පියවර බොහෝ දෙනාගේ ඇගැයීමට ලක් විය. එසේම පසුගිය කාලයේදී සමාගම විසින් ටයර් සහ ඒ ආශ්‍රිත නවෝත්පාදන රැසක්ද සිදුකරන ලදි. ජාත්‍යන්තර විශ්වාසය ඉහළින්ම තහවුරුකරමින් DSI Tyres රටවල් 85කට අධික ප්‍රමාණයකට සිය නිෂ්පාදන අපනයනයකරයි.

Similar Posts