ICL Brands පෞද්ගලික සමාගමේ ඊවා (Bra) සන්නාමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ‘නිල දිරිගැන්වීමේ සහකරු’ බවට පත් වූ අතර ඒ වෙනුවෙන් පසුගියදා විශේෂ සන්නිවේදන වැඩසටහනක් දියත් කළේය. ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලාංකිකයින් එක්රොක් කිරීම සඳහා ‘නිල ඔල්වසරන් ගීතය’ දියත් කරමින් මෙම වැඩසටහන දියත් කෙරිණි.

‘නිල ඔල්වරසන් ගීතය’ දියත් කිරීමේ අවස්ථාව සඳහා ඔලිම්පික් රිදී පදක්ම් ජයග්‍රාහිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය, ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆාසිල් හුසේන් මහතා සහ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය.

ICL Brands හි සමූහ අධ්‍යක්ෂිකා, ශාන්ති බජිරාදන්, එම සමාගමේ විධායක නිලධාරී රාකේෂ් කොස්ලා, කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, සුනිල් කනෝජියා යන මහත්ම මහත්මීන්ද විශේෂ අමුත්තන් වශයෙන් මේ අවස්ථාවට සහභාගී වූහ. සහ නිල ඔල්වරසන් ගීතය දියත් කිරීම සමාජ මාධ්‍ය ජාලා හරහා සජීවීව විකාශය කරමින් සන්නිවේදන ව්‍යාපෘතිය ආරම්භ වූ අතර එය ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවත්වෙන කාලසීමාව පුරාවට ශ්‍රී ලාංකිකයින් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය ඊවා හි කාර්යභාරය අගය කරමින් මෙසේ පැවසුවාය “ICL Brands වැනි ප්‍රමුඛ පෙළේ සන්නාම ඔලිම්පික් උළෙලේදී අපේ රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට ඉදිරිපත් වනු දැකීම මට විශාල සතුටක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ, රට වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ ක්‍රීඩිකාවක් වශයෙන් මෙහි වටිනාකම මා හොඳින් දන්නවා”

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ICL Brands පෞද්ගලික සමාගමේ අලෙවි කළමනාකාරිණී චේතිකා රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසීය “සන්නාමයක් වශයෙන් ඊවා ක්‍රියාත්මක වන්නේ ‘විශ්වාසයෙන් පෙරමුණට’ යන තේමාව සමඟයි. එනිසා උත්සාහය, ධෛර්යය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇති කැපවීම වැනි වටිනාකම් ඊවා සන්නාමය නිතරම ප්‍රවර්ධනය කරන ගුණාංගයන්.

අපි හිතන විදියට අද ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයෙක්ම, සාමාජිකාවක්ම මේ ගුණාංගවලට හොඳම උදාරහණයි. ඔවුන් තමන්ගේ ලොකුම සිහිනය සැබෑ කරගැනීමට වෙනුවෙන් අතිමහත් කැප කිරීමක් කරමින්, දැවැන්ත චිත්ත ධෛර්යයක් ඇතිව කටයුතු කර තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන් හට අපේ ගෞරවය ලැබිය යුතුයි. එනිසා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිගන්වන අතරම සන්නාමයක් වශයෙන් අපි විශ්වාස කරන වටිනාකම් රැසක් ප්‍රවර්ධනය කිරීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා”

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු මණ්ඩල සාමාජික ෆසීල් හුසේන් මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය “ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ ‘නිල දිරිගැන්වීමේ සහකරු’ වශයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මම ඊවා වෙත ස්තූතිවන්ත වෙනවා.

ටෝකියෝවට ගොස් සිටින අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා ලෝකය ඉදිරියේ හිසින් දරා සිටින්නේ අපේ රටේ ගෞරවයයි. එනිසා ඔවුන් වෙත අපේ ආදරය, ගෞරවය සහ දිරිගැන්වීම නොඅඩුව ලැබිය යුතුයි.

ශ්‍රී ලාංකිකයින් වශයෙන් එය අපේ යුතුකමක්. එනිසා මා සිය`ඵ සහෝදර ශ්‍රී ලාංකික ජනතාවගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මේ දිරිගැන්වීමේ වැඩසටහන හා සම්බන්ධ වී, අපේ ඔලිම්පික් කණ්ඩායමට සවියක් වීමට කටයුතු කරන ලෙසයි”

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුවේ සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය මෙසේ පැවසුවාය “මෙවර ටෝකියෝ හි පැවත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එක් අතකින් සුවිශේෂයි.

ඒ කණ්ඩායමේ සාමාජිකයින් 9 දෙනාගෙන් 5 ක්ම ක්‍රීඩිකාවන් වන නිසා. මෙය සිය`ඵ ශ්‍රී ලාංකික කාන්තාවන් ආඩම්බර විය යුතු කාරණයක් බව මගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සන්නාමයක් වන ඊවා ඔලිම්පික් කණ්ඩායමේ නිල දිරිගැන්වීමේ සහකරු බවට පත්වීමත් ඒ ආකාරයෙන් සුවිශේෂී සිදුවීමක්. ඊවා විසින් මේ වෙනුවෙන් දරන වෑයම වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වන අතරම විශේෂයෙන්ම කාන්තාවන් ඇතුඵ සිය`ඵ ශ්‍රී ලාංකිකයින් හට මේ දිරිගැන්වීමේ වෑයමට දායක වන ලෙස ආරාධනා කරනවා”

නිල ඔල්වරසන් ගීතය ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ගායනා කරන අතර එහි පිටපත් දෙකක් හඳුන්වා දී ඇත. ‘ඇය වෙනුවෙන් ඊවා’ තේමාව සහිත ඔල්වරසන් ගීතය ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ කාන්තා සාමාජිකාවන් වෙනුවෙන්ම නිර්මාණය වූවකි. ‘ඔබ වෙනුවෙන් අපි’ තේමාව සමඟ එන ගීතය සමස්ත කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය වූ ගීතයයි.

මෙම ඔල්වරසන් ගීතය කේන්ද්‍ර කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතිය ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වනතුරු ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා ආදරණීය ශ්‍රී ලාංකිකයන් එක්රොක් කරමින් ක්‍රියාත්මක වනු ඇත. ප්‍රචාරණ මාධ්‍ය ගණනාවක් ඔස්සේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර සමාජ මාධ්‍ය තුළ #wecan සහ #defybarriers භාවිතා කරමින් දිරිගන්වන්නන් හට මේ වෑයමට දායක විය හැකිය.

 #wecan #defybarriers

More Stories