තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය.

MateBook D 15 හි 87% screen to body ratio scre MateBook D 15 en to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම් 1.62ක් තරම් වූ සැහැල්ලු බර සහ මිලි මීටර් 16.95 ක් තරම් වූ ඝනකම (thickness) හේතුවෙන් ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි ලැප්ටොප් මාදිලියක්  ලෙස හැඳින්විය හැකිය.  Full HD IPS අඟල් 15.6 ක full view තිරයකින් සහ color temperature controller විශේෂාංගය සමගින් එන MateBook D 15 හි eye comfort mode, අධික ලෙස ලැප්ටොප් තිරය දෙස බලා සිටින සියළු දෙනාගේ ගැටළු වලට විසඳුමක් වනු ඇත.

SenseMI තාක්ෂණය හරහා වැඩි දියුණු කරන ලද, AMD Ryzen 5 3500U mobile processor මගින් බල ගන්වා ඇති, AMD Radeon Vega 8 ග්‍රැෆික්ස් සමගින් එන MateBook D 15 හරහා කිසිඳු බාධාවකින් තොරව බහු කාර්යන් සිදු කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. MateBook D 15 එකවර apps කිහිපයක් සමග වුවද ගැටලුවකින් තොරව ක්‍රියා කිරීමේ හැකියාව ලබා දෙන 3.7 GHz clock speed සහ Ryzen 5 3500U ප්‍රොසෙසරය, 8GB DDR4 RAM සහ  256GB SSD බොහෝ දෙනාගේ අවධානයට යොමු වී ඇති අතර, තව දුරටත් මතක ධාරිතාවය  දිගු කල හැකි SATA HDD විශේෂ වේ.

මෙම අද්විතීය විශේෂාංග රැසකින් පැමිණෙන MateBook D 15 හි මිල රුපියල් 149,999 ක් වන අතර දිවයින පුරා විසිරුණු සිංගර් ශාඛා , daraz.lkwasi.lk සහ සියලුම බලයලත් Huawei අලෙවි නියෝජිත ජාලය හරහා දැන් මිලදී ගත හැක.

Similar Posts