loan

මේ රටේ ප්‍රධානම ප්‍රශ්නය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයයට 87ක් පමණ වූ ණය බරක් දැරීමට සිදු වීම බවත් එය 2025  වන විට සියයට 75 දක්වා අඩු කිරීම සඳහා දේශිය නිෂ්පාදන වැඩි දියුණු කළ යුතු බවත් බතික් හා පේෂ්කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවසයි.ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව නවනගරය හා බැඳිවැව යන ප්‍රදේශවල ආරම්භ කළ බතික් හා අත් යන්ත්‍ර පේෂකර්ම පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කීය.

“මේ රටේ ආසන 161 ක් තියෙනවා.ඒ ආසන 161 හිම බතික් පුහුණු මධ්‍යස්ථාන පිහි‍ටුවලා කාන්තාවන් ට බතික් පුහුණුව ලබා දීලා ඔවුන් ව්‍යවසායකයින් බවට පත් කිරීම තමයි මං බලාපොරොත්තු වෙන්නේ.ඒ සඳහා තමයි අපි වැඩපිළිවෙල සකස් කරලා තිබෙන්නේ.

මෙහි අද පුහුණුවන සියලු දෙනාටම මාස 3ක පුහුණුවක් ලබා දෙනවා.බතික් කර්මාන්තය ගැන ඉගෙන ගත්ත අයත් ඇති දවස් 10ක් විතර පුහුණුවක් ලබපු.සහතිකයක් නැති.නමුත් අපි මෙම පුහුණු මධ්‍යස්ථානයෙන් අපි ඇඳුම් බතික් කරන්න විතරක් නෙමෙයි සම්පූර්ණයෙන් ඇදුම් පතරොමේ සිට සියලු දේ කියා දෙන අංග සම්පූර්ණ පුහුණුවක් ලබා දෙනවා.

පොලොන්නරුව කියන්නේ සංචාරක පුරවරයක්.මේ පුරවරයේ අත් කම් නිර්මාණ වැදගත් නිර්මාණ රාශියක් ඉල්ලනවා පිට රටින් දැන්.ගිය සතියේ මගෙන් ඉල්ලුවා 5000ක් කූඩ හදලා දෙන්න කියලා.ඉල්ලුම තියෙනවා.ඉතිහාසයේ අපි බතික් දැක්කෙ අලියා කොටියා ඉර හඳ.දැන් ඒ බතික් එක වෙනස් වෙලා.දැන් එහෙම බෑ.

මට දුන්න අමාත්‍යංශයත් එක්ක මම ම කපලා මහ ගත්තා බතික් ඇඳුමක්.දැන් මටම ඒක කරගන්න පුලුවන්.රුපියල් දහ පහලොස් දාහකින් දැන් මේවගේ ඇඳුමක් හදා ගන්න පුළුවන්.අපි සූදානම් නම් සිලෝන් බතික් නැතිනම් පුලතිසි බතික් කියලා නව වෙළඳ සන් නාමයකුත් එක්ක ලෝකයට යන්න පුලුවන්.විමල් වීරවංශ ඇමතිතුමා එක්ක එකතුවෙලා අපි කට්ටියම පටන් ගත්ත මේඩ් ඉන් ශ්‍රී ලංකා තුළ පුලතිසි බතික් එක සිලෝන් බතික් නාමයෙන් අරගෙන යන්න පුළුවන්.

මෙතන මේ පුහුණුව ලබන කාන්තාවන්ට අපේ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒකෙන් අපට සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 5ක් දෙන්න පුළුවන් මේ වැඩේට බඩු ටික අරගෙන වැඩේ පටන් ගන්න.මේ පාඨමාලාවේ සහතිකය ගත්තාට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමාල මේ අය හොඳ ව්‍යවසායකයින් බවට පත් කිරීමේ වැඩපිළිවෙල හදන්න කියලා මම ඉල්ලිමක් කරනවා.

තමන්ට ගෙදර ඉදලා ඇඳුමක් මහලා විකුණන්න පුලුවන්.අද අපේ රටේ තිබෙන ප්‍රධානම අර්බුදය අපි විශාල ණය බරක ඉන්නේ.දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 87ක් අපි ණය වෙලා.තව අවුරුදු 2ක් 3ක් යනකොට මේක තව වැඩි වෙනවා.අපි මේක 2025 විතර වෙනකොට සියයට 75කට අඩු කරන්න අපි උත්සාහ ගන්නේ.හැබැයි අද ලංකාවේ සියයට 60ක් තියෙන්නේ සේවා අංශය.සේවා අංශයෙන් අපට එන ආදායම විශාල වශයෙන් නෑ.අඩුයි.

සේවාවන් විතරයි සපයන්නේ.නමුත් අපි ආදායම් උපයන වැඩ පටන් ගත්තොත් අපේ රට ඉදිරියට අරන් යන්න පුළුවන්.අපි මේ අවුරුද්දේ රට පුරා මේ පුහුණු මධ්‍යස්ථාන 161 තුළින් 10 000ක් පුහුණු කරනවා.10 000ක් පුහුණු කිරීම තුළින් අපි 10 000ක් ව්‍යවසායකයන් බිහි කරන්න කටයුතු කරනවා.

අපේ රටේ තියෙන ඊළග අර්බුදය තමයි පේෂ කර්ම පුහුණුවට කාන්තාවො එන්නෙ නේ.හෙතුව පුහුණු වෙනකොට මාසයකට 6000ක් ලෙබෙනවා.

පුහුණු වලා මහන්න පටන් ගත්තාම මීටරයකට ගෙවන්නේ රුපියල් 125යි.ඒ හින්දා මාසයක් මහලා රුපියල් 5000ක් 6000ක් හොයා ගන්න බැරි නිසා රුපියල් 1500කට විතර කුළී වැඩකට යනවා.

ඒ නිසා අපි මේ ගැටලුව අදුනාගෙන තියෙන්නේ අපේ බලාපොරොත්තුව අලුත් විදිහකට පුහුණුවෙන කාන්තාවන්ට තමන්ගෙ ගෙදර ඉදගෙන දවසට සාරියක් වියා ගන්න පුළුවන් පහසුකම ලබා දෙන්නයි.ඊළගට ඒවා විකුණන්නේ කොහෙද?

අපි ඒකට මධ්‍යස්ථානයක් හදලා දීලා අපි එක තැනක මේවා අලෙවි කරන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා තියෙනවා.පොදු ස්ථානයක්.පං ටිකෙන් හදන නිෂ්පාදන මැටි භාණ්ඩ ටික පේෂකර්ම බඩු ටික බතික් ටික එකම තැනක අලෙවි කරන ස්ථානයක්.

දේශියත්වය ගැන කතා කරන මේ මොහොතේ හැමෝම මේ වෙනුවෙන් කැපවෙලා වැඩ කරමු.දැන් මේ බතික්වලට දාන ඩයි එක ගෙන්නන්නෙ එක්කෙනයි.අපි දැන් සලුසල හරහා ඒක ගෙන්නනවා.

අපි ඒ ඒකාධිකාරය බිදලා සලුසලෙන් මේ ප්‍රදේශවලට අවශ්‍ය ඩයි ටිකයි රෙදි ටිකයි ගෙන්නලා දෙනවා.” මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ ,ප්‍රසන්න රණවීර පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඇතුළු මැති ඇමතිවරුන් ද රාජ්‍ය නිලධාරින් ද එක්ව සිටිය හ.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories