ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI ටයර් සමාගම සිය වෙබ් අඩවිය නව්‍යතා රැසක් සමඟනි www.dsityre.lk නමින් පසුගිය දා ප්‍රතිස්ථාපනය කරන ලදි. DSI ටයර් සමාගමේ සියලු නිෂ්පාදන සහ සේවා පිළිබඳ ඕනෑම තොරතුරක් ඉතාම පහසුවෙන් දැන ගත හැකි වන පරිදි මේ වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම වර්ගීකරණයක් වන Brand Finance ඉදිරිපත් කරන The Most Loved Brands in Sri Lanka ලැයිස්තුවට ද DSI ටයර් නම් වී ඇත. මේ සුවිශේෂ ස්ථානය හිමි කර ගැනීමට දශක ගණනාවක සිට DSI Tyres සන්නාමය පාරිභෝගිකයා ඉහළින්ම තෘප්තිමත් කරමින් ඉතා සාර්ථකව සහ විශ්වාසනීයව ජන මනස තුළ ස්ථානගතවීමට බලපා ඇත.

ආකර්ෂණීයව නිමවා ඇති කට්ට රටා පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට සමත්ය. ආයතනික සමාජ වගකීම පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙමින් ව්‍යාපාර කටයුතු කිරීම DSI ටයර් ආදරණීය සන්නාමයක් බවට පත්වීමට තවත් ප්‍රමුඛ හේතුවක් වී ඇත.

නවොත්පාදී සන්නාමයක් වන DSI ටයර් විසින් නව වසරේ දී තවත් අද්විතීය නිමැවුමක් වන Gen X මෝටර් සයිකල් ටයරය වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබීය. ‘ශ්‍රී ලාංකිකයන් වඩාත් ආදරය කරන සන්නාමයක් බවට පත්වීම සැබෑම ජයග්‍රහණයක්. එය මුදලින් මැනිය නොහැකි වටිනාමක්

සහිත ජනතා සම්මානයක්.‘ සමාගමේ අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පැවසීය. වසර 30කට වැඩි ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන සැම්සන් රබර් කර්මාන්ත ආයතනය රටවල් 60කට අධික ප්‍රමාණයකට ටයර් අපනයනය කරමින් සහ දේශීය වශයෙන් බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කෘෂි කාර්මික ටයර් සහ ටියුබ් අලෙවි කරමින් ඉතා ඉහළ වෙළෙඳ පොළ කොටසකට හිමිකම් කියයි.

සමාගම සතුව දැවැන්ත බෙදා හැරීමේ ජාලයක් පවතින නිසා දිවයින පුරා පිහිටි ටයර් වෙළෙඳ සල්වලින් DSI ටයර් මිලට ගත හැකිය. එසේම වගකීමක් සහිතව අලෙවියන් පසු විශිෂ්ට සේවාවක් අඛණ්ඩව සැපයීමටද සමාගම කටයුතු කරයි.

More Stories