ශ්‍රී ලංකා අයෝජන ප්‍රවර්ධන මණ්ඩලය විසින් සඳලංකාවේ දැනට පවතින කර්මාන්ත ශාලාපුරය ගොඩනැගීමේ ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම සඳහා ඔමේගා ලයින් ආයතනය සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක අතිරේක ආයෝජන ගිවිසුමකට අත්සන් කර ඇත.
ඔමෙගා ලයින් ලිමිටඞ් වෙනුවෙන් ආයොජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ ශ්‍රී ලංකාවේ ඔමෙගා සමාගමේ සභාපති වින්සෙන් සෝජොප්පොලො මහතා විසින් ගිවිසුම අත්සන් තැබීය.
පරිපූරක ගිවිසුම සම්බන්ධයෙන් ජොප්පොලෝ මහතා මෙසේ පැවසීය. ”ඔමෙගා ලයින් කම්හල සඳලංකාවෙහි පිහිටි අපගේ කර්මාන්ත ශාලාව නැවත ගොඩනැඟීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 24 ක් පමණ ආයෝජනය කරමින් පුළුල් කරනු ඇත. එය යට ඇඳුම් නිෂ්පාදනය කරනු ඇත. ඉන්ටිමිසිමි, ටෙසෙනිස්, කැල්සෙඩෝනියා සහ ෆැල්කොනරි යන වෙළඳ නාමයටතේ ඒවා අලෙවි කෙරේ.
මෙම ගිවිසුමේ ඉතා වැදගත් අංගයක් වනුයේ වර්ග මීටර් 17,000 ක භූමි ප්‍රමාණයකින් යුත්න වීන කර්මාන්ත ශාලාවකින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව නවීන යන්ත්‍රෝපකරණ සහිත වන අතර කාර්ය මණ්ඩලය 3,000 කට අධික සංඛ්‍යාවක් සේවයකරනු ඇත.ඉතාලියේ යට ඇඳුම් නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගමක් වන ඔමේගා ලයින් ගැන ජොප්පෝලෝ තවදුරටත් කතා කළේය. යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, චීනය ඇතුළු රටවල් 42 ක වෙළඳසැල් 4,600 කට අධික සංඛ්‍යාවක් ඇති කැල්සෙඩෝනියා සමූහයේ අපි කොටසක්.