ජර්මනිය තුළ ශ්‍රි ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මිලියන 100ක ආයෝජනයක් කිරිමට තම ආයතනය තීරණයක් ගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීෂෝ ගෝමස් මහතා පවසයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය.
ශ්‍රි ලංකාවට ජර්මන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජර්මනිය තුළ මෙම වැඩසටහන දියත් කර තිබෙන අතර,මෙහිදි ජර්මානු ඒජන්සි සංගමයේ සභාපති නෝබට් ෆේබ්රිග් (Norbert Fiebig ) මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.
2018 වසරේ දි ජර්මනියෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ පනස්හයදහස් අටසිය අසු අටක්(1,56,888) වන අතර මේ වසරේ දි මේ වන විට අනුතුන් දහස් අටසිය අනු හය දෙනෙක් (93,896) පැමිණ තිබේ.වැඩි වශයෙන් ලංකාවට සංචාරකයින් පැමිණෙන රටවල් අතර ජර්මනිය 4 වැනි ස්ථානයේ පසු වේ.එසේම සංචාරක වෙළඳපොළේදි ජර්මන් ජාතිකයින් වැඩි ලෙස මුදල් වැය කරන බවත්,එය දිනකට ඩොලර් 350-1500ත් අතර වේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ගිය වසරට සාපෙක්ෂව මේ වසරේ දි 20%කින් පහළ ගොස් ඇති අතර එය ප්‍රවර්ධනය කිරිම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගත් බව සභාපති කිෂෝ ගෝමස් පවසයි.
සංචාරක කර්මාන්තයේ ප්රගමනය උදෙසා tour operators සම්බන්ධයෙන් ද විශාල ප්‍රචාරයක් සිදු කිරිමට ද බලාපොරොත්තු වන බවත්, tour operators මාර්ගයෙන් සංචාරකයින් ලංකාවට එන විට එන සැම සංචාරකයෙක් වෙනුවෙන් ම ඩොලර් 10 ක සංචාරක අධිකාරිය තුළින් ප්‍රවර්ධනය කර ගැනිමට යෝජනා කර ඇති බවත්,මේ සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබා දිමෙන් පසුව ඉල්ලුම්පත් සමාගම් 90 කින් ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත්,එහි වටිනාකම රුපියල් මිලියන 425ක් වන බවත් පැවසු සභාපතිවරයා,ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලැබිමෙන් පසුව මෙය ක්‍රියාත්මක කිරිමට නියමිත බව කිෂෝ ගෝමස් මහතා කීය.