colombo to kandy train

දුම්රිය රියදුරන් බඳවා ගැනේ

වසර 10කට පසුව දුම්රිය දෙපාර්තමේන්තුවට රියදුරන් 140ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තිබේ. අ.පො.ස. (උ.පෙ) ගණිත අංශයෙන් සමත්, NVQ හෝ තාක්ෂණ ඩිප්ලෝමා සුදුසුකම් ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකිය. අංශ 5ක් යටතේ බඳවා ගනු ලැබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් 458ක් අවශ්‍ය මුත්, දැනට සේවයේ යෙදී සිටින්නේ 246ක් පමණි. රජයේ ගැසට් පත්‍රය බලන්න: https://www.documents.gov.lk/view/gazettes/2025.html

SLBFE

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට

ඒජන්සිකරුවන්ට අධ්‍යක්ෂ මණ්ඩල දොර වැසේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් පසුගිය සතියේ නිර්දේශ කරන ලදි. කෝප් කමිටුවේ නිර්දේශ අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 12 දෙනා අතර සිටින විදේශ රැකියා ඒජන්සි නියෝජිතයන් සිව්දෙනා ඉවත් කිරීමට නිර්දේශ කර ඇත. එසේම, එම ඒජන්සි නියෝජිතයන් පත් කිරීම සඳහා විදේශ රැකියා ඇමතිවරයාට…