ඩයලොග් සමාගම මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අරඹයි

ඩයලොග් සමාගම මීගමුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අරඹයි

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා  කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟවීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියලු උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය සිවිල් ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබේ. සුව…

 Huawei ප්‍රථම වරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දෙයි

 Huawei ප්‍රථම වරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දෙයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් ප්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.  මෙලෙස හඳුන්වා දුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. MateBook D 15 හි 87% screen to body ratio scre MateBook D 15 en to body ratio සහිත ආකර්ෂණීය ලෝහමය නිමාව සහ කිලෝ ග්‍රෑම්…

සම්පත් බැංකුව, PickMe සමග අසමසම සේවාවක් අරඹයි

සම්පත් බැංකුව, PickMe සමග අසමසම සේවාවක් අරඹයි

සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබා දීමේ පහසුකම සලසා දීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා PickMe Digital Mobility Solutions Lanka (PVT) Ltd සමග එක්ව තවත් සුවිශේෂී මූල්‍ය සේවාවක් දියත් කරනු ලැබීය. ශ්‍ රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ මෙතෙක් අත් නොවිඳි නව්‍ය මූල්‍ය විසඳුමක් වන මෙය, ගනුදෙනුකරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සැලකිලිමත් වන සම්පත් බැංකුවේ කාලීන අවශ්‍යතා…

SLT වෙතින් නොමිලේ ඩේටා

SLT වෙතින් නොමිලේ ඩේටා

Covid 19 වෛරසය සීඝ්‍රයෙන් රටතුළ පැතිරීම හේතුවෙන් උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රධාන අංගයක් වන මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රීයාවලියට ජාතික ඩිජිටල් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) ද නොමද සහාය ලබාදීමට තීරණය කර තිබේ.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම පාරිභොගිකයින් වෙත මතු…

බැංකු ශාඛා පැය 2ක් විවෘත කරයි
|

බැංකු ශාඛා පැය 2ක් විවෘත කරයි

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර තිබේ. බැංකු සේවා ලබාදීමේදීත්, සේවා ලබාගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන්ම මහජනතාවට ද දැනුම්දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක…

dammikaperera

ධම්මික ගෙන් කොරෝනා වැළැක්වීමට කෝටි 7 ක්

ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බෝවන රෝග රෝහල (අයි.ඩී.එච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇති බව සඳහන්.

සියලු කොටස් 5,000 න් පහළට

සියලු කොටස් 5,000 න් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ගනුදෙනු අවසානයේ දී ඒකක 144.82 කින් පහළ ගොස් ඒකක 4,874.73 ක් වශයෙන් වාර්තා විය. මෙය 2012 ජූලි 24 දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය වේ.

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීමත් සමගයි. කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

dammikaperera

ධම්මික වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් අරඹයි

වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම් 2020 මාර්තු 05 දින සංස්ථාපනය කර තිබේ. මෙය ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී යෝජිත ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි ඉදිරිකිරීම් පරිපාලනය, සංවර්ධනය හා නඩත්තුව මෙම සමාගමට පැවරෙනු ඇත.

INNOTECH 2020 ප්‍රදර්ශනය ඇරඹෙයි

INNOTECH 2020 ප්‍රදර්ශනය ඇරඹෙයි

INNOTECH 2020 ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. ලබන 14 වනදා දක්වා එය පැවැත්වෙන්නේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ දීයි. තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ 2020 ජාතික ප්‍රදර්ශනය සංවිධානකර ඇත්තේ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයයි. හෝමාගම පිටිපන ප්‍රදේශය ආවරණය වන පරිදි එය පැවැත්වෙන්නේ වසරේ දැවැන්තම නවෝත්පාදන ප්‍රදර්ශනය ලෙසින්. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය…