IOC මාස 03කදී රු. මිලියන 490ක ලාභයක්
ඉන්දියන් ඔයිල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා IOC සමාගම පසුගිය 2019 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 489.75 ක ශුද්ධ ලාභයක් උපයා තිබේ. මෙම ලාභ අගයයත් සමඟම 2019-20 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 තුළ දී ලංකා IOC සමාගම උපයා ඇති ශුද්ධ ලාභය රු. මිලියන 767.98 ක් ලෙසින් වාර්තා වේ.