money
|

ජාතික ආදායමෙන් සියයට 64කට වෙන දේ මෙන්න

ජාතික ආදායමෙන් සියයට 64ක් ඉහළම ධනවතුන් භුක්ති විඳින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවක් උපුටා දක්වමින්, ඔහු ප්‍රකාශ කළේ, එම ධනවතුන් ප්‍රමාණය සියයට 10ක් වන බවයි. පහළම ස්තරය වන සියයට 50ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් භුක්ති විඳින බව ද මන්ත්‍රීවරයා…

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි
| |

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි

ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් (31) එකඟ වී තිබේ. මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය ආයතන 5ක විධායක නිලධාරින්…

පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කල අය අත්අඩංගුවට
|

පාර්ලිමේන්තුවේ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කල අය අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ රූමත් සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. එම කාර්යාංශයේ නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් මේ පිළිබඳව පසුගියදා විමර්ශන පැවැත්වූහ. එම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සහකාර ගෘහපාලකවරයා ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. රාජ්‍ය ආයතන අතර…

දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට
|

දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට

ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන…

dailyreporter
|

ඩකා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ජගත් මනුවර්ණට

22වැනි ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ‍ හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනිමට ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ සමත්විය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත. රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයකි. ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු‘ සිනමා…

දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි
|

දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි

දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ…

lawyers
|

දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක්

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත ස්ත්‍රී දුෂණය පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහාත්, ස්ත්‍රී දුෂණය සම්බන්ධ නීතියේ පවතින අඩුපාඩු නිවැරදි කිරීම සඳහා සහ පිරිමි ළමයින් දුෂණය…

එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව
|

එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව

ඔස්ට්‍රේලියාවට යෑම සඳහා මුහුද මැදදී බෝට්ටුවක් පැහැරගෙන, එහි සිටි ධීවරයන් තිදෙනකු කපා කොටා මරා මුහුදට දමා, තවත් දෙදෙනකුට මරණීය තුවාල කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එකම පවුලේ පිය-පුතු ඇතුළු 7 දෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (24) මරණ දඬුවම නියම කළේය. මෙය 2001 අංක 9 දරන මුහුදු කොල්ලකෑම් පන‍ත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව වීම විශේෂත්වයකි….

කතරගම හින්දු දේවාලයේ කිරි කල පෙරහැර
|

කතරගම හින්දු දේවාලයේ කිරි කල පෙරහැර

හැටන් කතරගම හින්දු දේවාලයේ වාර්ෂික තේරු උත්සවයට සමගාමිව පවත්වනු ලබන කිරි කල පෙරහැර  හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. හැටන් විල්ෆ්‍රඩ් පුර පිහිටි පත්තිනි දේවාලයෙන් ආරම්භ කරන ලද මෙම කිරි කල පෙරහැර හැටන් පැති විදිය හා ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර කතරගම දේවාලය දක්වා ගමන් කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

UNDP ක්‍රියාත්මක කර ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ වැඩ සටහනක්

UNDP ක්‍රියාත්මක කර ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ වැඩ සටහනක්

ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්සත් ජාතින්ගේ ප්‍රධානයක් යටතේ (UNDP) ක්‍රියාත්මක කර ඇති ප්‍රාදේශීය මාධ්‍යවේදින් දැනුවත් කිරිමේ වැඩ සටහන් මාලාවේ මධ්‍යම පලාත් නේවාසික වැඩ මුළුව 19 හා 20 යන දෙදින තුලදි මහනුවර ගාර්ඩන් කැන්ඩියන් හොටලයේදි පවත්වන ලදි. මෙහිදි ප්‍රවින දේශක රංග කලංසුරිය නිතිඥ ජගත් ලියනාරාච්චි යන මහත්වරුන් ඇතුළු කිප දෙනකුම එම වැඩ මුළුවට එක්වු ප්‍රාදේශිය මාධ්‍යවෙදින් සදහා දේශන…