politics
|

රටේ අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කර දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීමේ උත්සාහයක

දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.

ranil
|

ඉදිරි මාසයේදි මීටත් වඩා දරුණු තත්ත්වයක්

රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවයි. “අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන…

සමස්ථ මහා වැඩ වර්ජනයට වෙළදසැලුත් වසා දැමේ

සමස්ථ මහා වැඩ වර්ජනයට වෙළදසැලුත් වසා දැමේ

වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති සමස්ථ මහා වැඩ වර්ජනයට සහය දිම සදහා හැටන් නගරයේ සියලුම වෙළද සැල් 28වන දින වසා දැමිමට එම වෙළදුන් විසින් පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලදවිමසිමකදි අදහස් දැක්වු නගරයේ වෙළදුන් කීප දෙනකුම පවසන ලද්දේ වෘත්තිය සමිති මෙම රජයට එරෙහිව ආරම්භකර ඇති සංකේත වැඩ වර්ජනයට සහය දීම සදහා තමන්…

අගමැති කාර්යාලයෙන් මයිනාගෝගමට නොනවතින පිරිත් දේශනා
|

අගමැති කාර්යාලයෙන් මයිනාගෝගමට නොනවතින පිරිත් දේශනා

අගමැති කාර්යාලය පිහිටා ඇති ස්ථානයේ මේ වනවිට විරෝධතාකරුවන් එය මයිනාගෝගම නමින් නම් කර දිවා රාත්‍රී විරෝධතාවන් සිදු කරන අතරවාරයේ එයට විවිධ බාධක පැනනැගී තිබේ. ඊයේ දින වාර්තාවන අලුත්ම බාධාව නම් විරෝධතාකරුවන් රජයට එරෙහිව ගෙන යන ශබ්ද යටපත් කරමින් අරලිය මැදුරේ අභ්‍යන්තරයේ සිට පිරිත් දේශනා ප්‍රචාරය කිරීමයි. මෙම පිරිත් දේශනා ලවුඩ්ස්පීකර භාවිතයෙන් දැඩි ශබ්දයක් ජනිත කරමින්…

thus
|

පවුලේ නම්බුව කන්නේ රාජපක්ෂලා විතරක් නෙමෙයි – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

ළමා හිංසනයට තිත පදනමේ ආරම්භක සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය නරහේන්පිට කම්කරු අමත්‍යාංශය ඉදිරිපිට සිට පොස්ටරයක්ද ප්‍රදර්ශනය කරමින් වත්මන් ආණ්ඩුවට ගෙදර යන්නැයි කියමින් සිය අදහස් මෙලෙස ප්‍රකාශ කර තිබේ. මෙහි විශේසත්වය වන්නේ ඇගේ සොයුරු විදුර වික්‍රමනායක ඇමතිවරයාට එරෙහිව කතා කිරීමය. ” ආයුබෝවන් මම දැන් ඉන්නේ මෙහෙවර පියස නාරහේන්පිට.. මේ තමයි කම්කරු අමත්‍යාංශය තියෙන තැන.මම මෙතනට…

types of law what is the full meaning of law importance of law laws list what is law in criminology nature of law
|

අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා අතරට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසිකරමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වහා ගෙන ඒම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා…

තොණ්ඩමන් ආණ්ඩුව අතහරී
|

තොණ්ඩමන් ආණ්ඩුව අතහරී

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අවම කිරිම සදහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදිමට තම පක්ෂය (25) දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු තිරණය කල බව එම පක්ෂයේ සභාපති , භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය. මාධ්‍යට (25) දින…

rambukkana incident indika subasinghe

අරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව

රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රීලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන ප්‍රදේශයට ගොස් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීම සිදුවිය. එහිදී ජනමාධ්‍ය තුළින් මෙතෙක් අසන්නට නොලැබුනු තොරතුරු කිහිපයක් රඹුක්කන සිද්ධියේ…

canada
|

ලංකාවේ තත්ත්වය පිළිබඳව කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සංදේශයක්

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ අද ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මෙම උද්ඝෝෂණය අවසානයේ දී කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සහ එරට විපක්ෂ නායකවරයාට ලංකාවේ තත්ත්වය පිළිබඳ සඳහන් සංදේශයක් භාර දීම විශේෂත්වයකි .

loan
|

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් අරගලයට එක්වෙයි

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් උද්ඝෝෂණ පා ගමනකින්  ගෝල්ෆේස් ජන අරගලය වෙත සහය දීමට එක්විය. ගෙවන්න බෑ !ගෙවන්නෙ නෑ !ක්ෂුද්‍ර මූළ්‍ය ණය වහා අහෝසි කරනු! පොරොන්දු කැඩූ ගෝඨා ජන අරගලයෙන් ගෙදර යවන,කාන්තා බලයක් මහජන ව්‍යාපාරයක් ! යන සටන්පාඨ රැගෙන ,ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් අද උද්ඝෝෂණ පා ගමනකින් ලේක් හවුස් සිට පැමිණ ගෝල්ෆේස් අරගලයට…