dailyreporter gossip lanka
|

ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට පත්වූ පිරිසක් වන්දි ඉල්ලයි

පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට සහ අන්ධභාවයට පත්වූවන් පිරිසක් ඊයේ (16) ජනාධිපති කාර්යාලයට පැමිණ ලිපියක් ලබාදී තිබේ. ඒ එමඟින් අගතියට පත්වූවන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින්. පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ අක්ෂි ඖෂධ හේතුවෙන් බොහෝ පිරිසක් ආබාධ සහ අන්ධභාවයන්ට ලක්වී තිබේ. ඔවුන් ලිපියක් භාරදෙමින් ඉල්ලා සිටියේ…

weather today
|

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල විටින් විට මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශයේ ජල…

kites
|

තෛපොංගල් වලට වැල්වෙට්ටිතුරේ අහස වර්ණවත් වෙයි

තෛපොංගල් නිමිත්තෙන් යාපනයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන දැවැන්ත සරුංගල් තරගාවලිය වැල්වෙට්ටිතුරේ මුහුදු වෙරළේදී අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (14) සවස පවත්වනු ලැබිණි. යාපනයේ සන් ක්‍රීඩා සමාජය විසින් මෙම දැවැන්ත සරුංගල් සැණකෙළිය වාර්ෂිකව පවත්වන අතර මෙවර එම තරගයට විවිධ තේමාවන් ඔස්සේ සරුංගල් 103ක් ඉදිරිපත්කොට තිබූ අතර එම තරගය ළමා, තරුණ හා වැඩිහිටි වශයෙන් අදියරයන් තුනකට වෙන්කොට තිබුණි….

weather
|

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එය හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වේ. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අවවාදාත්මක නිවේදනය අදාළ වේ. ඒ අනුව එම මුහුණු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට…

Water_Cut
|

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17) උදෑසන 6 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල කප්පාදුව බලපැවැත්වේ. කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම කප්පාදු කරන බව…

gossip lanka news
|

කේබල් රුපවාහිනි ආයතනයක් විදුලි කණු උපයෝගි කර ගෙන කේබල් අදියි

හැටන් නගරයේ කේබල් රුපවාහිනි විකාශණ ලබා දෙන ආයතනයක් ප්‍රදේශයේ විදුලි කණු උපයෝගි කර ගෙන එම කේබල් ඇද තිබිම පිලිබදව ප්‍රදේශයේ බොහෝ පිරිස් දැඩි අප්‍රසාදය පලකර සිටිති. විදුලි බල මණ්ලයේ විදුලි කණුවල කිසිවක් රැදවිමද තහනම් තත්වයක පවතින නමුත් හැටන් ආශ්‍රිත වතුකරයට පවා කේබල් රුපවාහිනි සේවාවන් සපයනු ලබන මෙම ආයතනය මෙසේ විදුලි කණු උපයෝගි කර ගෙන මෙසේ…

gossip lanka news
|

බජන් ගීත කණ්ඩායම රටට සෙත් පතයි

තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන රටට ජනතාවට වීශේෂයෙන්  හැටන් ප්‍රදේශයේ ජනතාවට සෙත් පතමින් හැටන් පත්තිනි දේවාලයේ බජන් ගීත කණ්ඩායම බජන් ගීත ගායනා කිරිමට පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රදේශයට පවතින වැසි තත්වයන්ද නොතකා  එම බජන් ගීත කණ්ඩායම බජන් ගීත ගායනා කරමි හැටන් ප්‍රදේශයේ ගමන් කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

pork
|

ඌරු රංචු හේතුවෙන් ජනතාව දැඩි බියට පත්වෙයි

හැටන් සාත්තු නිවාස ප්‍රදේශය තුල සැරි සරන ඌරු රංචු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම ප්‍රදේශයේ සැරි සරන ඌරන් රාත්‍රි කාලයේ මෙන්ම දිවා කාලයේද මෙම ප්‍රදේශය තුල සැරි සැරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. එසේ දිවා කාලයේ සාත්තු නිවාස ප්‍රදේශයේ පිහිලි හතර ඇල මාර්ගයේ ඌරන් සැරි සරන අයුරු මෙහි…

thaipongul
|

ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේ විශේෂ තෛයිපොංගල් පුජාව

හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරනු ලබන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන 14වන දින කදුකරයේ හින්දු කෝවිල්වල විශේෂ තෛයිපොංගල් පුජාවන් පවත්වන ලදි. තෛයිපොංගල් දින උදැසන හිරු උදාවත් සමග  හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු කෝවිලේදිද එම කෝවිලේ ප්‍රධාන පුජක චන්ද්‍රකාන්තන් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් වීශේෂ තෛයිපොංගල් පුජාවක් පවත්වන ලද අතර එම අවස්ථාවට හැටන් ප්‍රදේශයේ හින්දු…

pongul
|

තෛපොංගල් දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් අද තෛපොංගල් දිනය සමරනු ලැබේ.ඒ, කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සලකමින් වීම විශේෂත්වයක්. අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ ගුණාංගයේ අගයයි.දෙමළ දින දසුනේ අවුරුද්දෙේ මුල් මාසෙ හඳුන්වන්නේ, තෛ ලෙසයි.පොංගල් කියන්නෙ උදාවීම කියන තේරුමයි. තෛපොංගල් යනු, නව වසර උදාවීමයි.පළමු මාසයේ පළමු අස්වැන්න සූර්යයාට පුජා කර පවුලටත්, රටටත්…