පොහොර ලබාදෙන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතාවක්
මෙරට ගොවින්ගේ අවශ්‍යතාවක් වන රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් අනුරාධපුර නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ. පොහොර නොමැතිවීම හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව හා ඇතැම් වගාවන් වල අස්වැන්න නොමැති වී ඇති බව කියමින් ගොවින් දහසකට ආසන්න පිරිසක් විරෝධතාවට එක්ව සිටියහ. මෙම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද හිටපු පළාත් සභා…