manthree
|

මන්ත‍්‍රී සුමන්තිරන් කුඹුරු හායි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගියදා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරක සාම්ප්‍රදායික ගොවිතැන් සිහිගැන්වෙන අයුරින් ගොවිතැන් කටයුතු වල නිරත වී ඇත. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුට අයත් කුඹුරක පෙර ගොවීන් සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර…

komararika

අනුරාධපුරයේ අක්කර 12500ක් විදෙස් ව්‍යාපාරිකයකුට

කෝමාරිකා වගාවකට යැයි පවසමින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක භූමි ප‍්‍රමාණයක් කැබිනට් අනුමැතිය ද ඇතිව විදේශීය ව්‍යාපාරිකයකුට පවරා දී ඇතැයි ‘‘සුරකිමු ශ‍්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ඊයේ (13දා) පැවසූහ. අදාළ ඉඩම් පවරා දීම සිදුකර ඇත්තේ ඉඩම් හඳුනා ගැනීමකින් තොරව සහ ඉඩම් පටිපාටිය ද උල්ලංඝනය කරමින් මෙරට නීතිය ද අබිබවා යමින්…

Murder

වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා ඝාතනය කරයි

වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයා තිබුණු ආයුධයකින් පහරදී ඝාතනය කල සිදුවීමක් මාතලේ , කලුදෑවලදී ප්‍රදේශයන් වාර්තා වනවා. පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව ඇති බවයි. පහර දීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි කලුදෑවල පදිංචිකරුවෙක් වන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම , සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් වරකාපොළ ප්‍රදේශයේදී සොයාගෙන…

gamemaraya
|

ඔන්ලයින් පන්ති නැතිවුණා… ගේම්වලට යොමු වූ පුතා ගේම් මාරයා අරන් යයි

‘ඔන්ලයින් අධ්‍යාපනයට මම දරුවට ෆෝන් එකක් අරං දුන්නා. ඔන්ලයින් නැති වුණ නිසා එයා ගේම් ගහන්න පුරුදු වෙලා. ඩේටා කාඞ් ටික හමුවුණාට පස්සෙයි ඒක දැනගත්තෙ. අනේ අම්මේ තාත්තේ වැඳලා කියන්නම් දරුවන්ට ෆෝන් නම් දෙන්න එපා. අනේ මගේ දරුවා’’ යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකි වූ පියෙක් හඬා වැළපෙමින් පැවසීය. බණ්ඩාරගම රයිගම, ගුන්ගමුව, හර්බට් වික‍්‍රමසිංහ මාවතේ…

ජිවිතය කහ වලින් බබළවගත් පුද්ගලයෙක්!

ජිවිතය කහ වලින් බබළවගත් පුද්ගලයෙක්!

රාජකාරියට මෙන්ම ගොවි තැනටත් මුල්තැන දෙමින් දේශිය ආර්ථිකයට රැකුලක් වෙමින් කහ වගාවේ නිරතවි විශාල අස්වැන්නක් ලැබීමට ආසන්න ලෝක බැංකු ව්‍යාපෘතියක සේවයේ නියුතු උසස් නිලධාරියෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් හමුවිය. පවතින ආර්ථිකය හමුවේ පිටරටින් කහ-කහ බීජයන් මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වියපැහැදම් කිරීමට සිදුවන අතර ඒ මහතා විසින් තවත් ගොවින් පිරිසකට සාර්ථක කහ අස්වැන්නක්…

petral
| |

ඔබ සුදානම්ද? මීළග වැඩි වීම…

මේ වනවිට රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවාය. උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ. 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති…

dr.ajith-amarasingha
|

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතලය. නන්දා මාලිනිය “පවන” ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා,…

fish
|

විසිතුරු මත්ස්‍ය වගාවට හොඳ ඉල්ලුමක්!

විසිතුරු මත්ස්‍ය  අපනයනයෙන් ලංකාව 7 වන ස්ථානයේ පසුවන බවත් ඉන් අපට හිමි ඩොලර් මිලියන 347ක ප්‍රමාණයෙන් දැනට සියයට 4ක් පමණ වූ ඩොලර් මිලියන 14ක ආදායමක් පමණක් ලබන බවත් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය  වගා කරුවන් ට ආධාර බෙදා දීමේ උත්සවයකට ඊයේ  (09) සවස සහභාගී වෙමිනි….

samiya
|

ඇදුරා සමග බිරිඳ පැනයයි – සැමියාට රජ මඟුල්

අසනීපයට මතුරන්නට පැමිණි ඇදුරා සමග තම බිරිඳ පැනයාමෙන් සතුටට පත්වූ සැමියකු පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් පසුගියදා වාර්තා විය. වයස අවුරුදු 45ක් පමණ වුවත් එම කාන්තාව ඉතා පැහැපත් තැනැත්තියකි. මීට වසර 20කට පමණ පෙර විවාහ වී ඇති ඇයට ලොකු මහත්වූ දරුවන් තිදෙනකු සිටින අතර ඒ පිළිබඳව තැකීමක් නොකර ඇය තම රූ සපුව  රැක ගැනීම සඳහා…

kohoba1
|

පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු කොහොඹ රක්ෂිතයක් විනාශ කරයි

මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40 ක් පැරණි එකම කොහොම  රක්ෂිතය මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන්  විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මැදවච්චිය වල්පොල රක්ෂිතයට අයත් වන වගාවක් වන අතර කෝණකුඹුගොල්ලෑව, කටුවැව දැඹුවැව යන ගම්මානයේ පිහිටා ඇත. වර්ෂ ගනනාවක  සිට මෙම රක්ෂිතයේ විටෙන් විට මේ ආකාරයට විනාශ කළ අතර ගම්වාසීන්ගේ මැදිහත් වීමේන් එය නවතා දමා…