වත්සලා අක්කා,Beer without alcohol සමග නිර්මල බෞද්ධ සංස්කෘතිය

වත්සලා අක්කා,Beer without alcohol සමග නිර්මල බෞද්ධ සංස්කෘතිය

1985 වර්ෂයේදී ප්‍රදර්ශනය කළ, සරත් ගුණරත්න අධ්‍යක්ෂණය කළ, අසංකා මොණරවිල විසින් තිරනාටකය රචනා කළ ‘වත්සලා අක්කා’ කොරෝනා වෛරස සමයේදී ITN නාළිකාව මඟින් නැවත ප්‍රදර්ශනය කරන ලදී. අප සියලු දෙනා හුස්ම ගන්නා සංකේත පද්ධතියට පසුගිය දශක හතරක පමණ කාලය තුළ සිදු වූ ඛණ්ඩනය- Break- ව්‍යක්ත ලෙස ඉදිරිපත් කළ කෘතියක් ලෙස ‘වත්සලා අක්කා’ සැළකිය හැකිය. අසූව දශකය…

කොරෝනා ආසාදනයේ දෙවන අවස්ථාවක් ගැන අනතුරු ඇඟවීමක්

කොරෝනා ආසාදනයේ දෙවන අවස්ථාවක් ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ දෙවන අවස්ථාවකට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස ප්‍රතිචාර දැක්විමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වෑන් පවසා ඇත්තේ ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වෛරසය යළිත් වරක් වර්ධනය වී ඇති බවයි. සී.එන්.එන් රූපවාහිනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

දිවයින පුරා වගා කටයුතු සාර්ථකව

දිවයින පුරා වගා කටයුතු සාර්ථකව

දිවයින පුරා වගා කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව ගොවිජන සංවිධාන සදහන් කරයි. සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඊට සමගාමිව සෙසු වගා කටයුතු සඳහා ද ගොවි ජනතාව යොමු වී සිටියි. වස විෂෙන් තොර ආහාර නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට තම දෛනික අවශ්‍යතාවට සරිලන එළවළු හා පළතුරු ගෙවත්ත තුළින්ම නිෂ්පාදනය කර ගැනීම…

විකට නළුවෙකු තුළ සිටිය ගැඹුරු මිනිසා – සිඩ්නි මාකස් ඩයස්

විකට නළුවෙකු තුළ සිටිය ගැඹුරු මිනිසා – සිඩ්නි මාකස් ඩයස්

“ධීවරයෝ “, “අල්ලපු ගෙදර” බලපු පරම්පරාවේ අයට ජීවිතේට අමතක නොවෙන නළුවෙක් තමයි හියුගෝ මාස්ටර්. විකට නළුවෙක් හැටියට ජනප්‍රිය වෙලා හිටිය හියුගෝ මාස්ටර් ඇතුලේ හිටිය බැරෑරුම් මිනිසා ගැන බොහෝ අය නොදන්නා තොරතුරු ටිකක් මම දන්නවා. ඒවා මේ වෙලාවේ මතක් කරන්න හිතුවේ ආදර්ශයට ගතයුතු බොහෝ දේ ඒ චරිතය තුළ තිබුන නිසා. හියුගෝ මාස්ටර් අපිව අතහැරලා ගිහින් දැන්…

සිංදු කියන මාධ්‍යවේදියෝ…….

සිංදු කියන මාධ්‍යවේදියෝ…….

ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින සමාජ යථාර්ථය එළිදැක්වීමය. සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමටත්, එසේ අවබෝධ කරගත් දෑ විශ්ලේෂණය කිරීමටත්, ඥානයක් මාධ්‍යවේදියා සතු විය යුතුය. මෙම ප්‍රයත්නයේ දී , විශේෂයෙන් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් ,ජනමාධ්‍යවේදියාට විවිධ ගැහැට එල්ල වන අතර, ඒවාට මුහුණ දීමට ද ඔහුට සිදුවේ. එනමුත් දියුණු යැයි සම්මත රටවල ( චීනය…

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

යුරෝපා කොමිසම 2020 මැයි 7 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධ ඉහළ අවදානම් සහිත තුන්වැනි පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. 2018 පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කරනු ලැබී ය. ඒ, 2017…

මව්වරුන්ගේ දිනය දවසේ පේරාදෙණිය රෝහලේ සිව්නිවුන් දරු උපතක්

මව්වරුන්ගේ දිනය දවසේ පේරාදෙණිය රෝහලේ සිව්නිවුන් දරු උපතක්

මව්වරුන්ගේ දිනයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිව් නිවුන් දරු උපතක් සිදුවිය.අනුරාධපුරයේ පදිංචි තිස්හතර හැවිරිදි මවක සිඟිත්තියන් තිදෙනෙකු හා සිඟිත්තෙකු මෙලෙස ප්‍රසූත කළාය. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රමුඛ වෛද්‍ය හා හෙද කණ්ඩායමක් අදාළ සිසේරියන් සැත්කම සිදු කර තිබුණි. දරුවන් ලද යුවළ වූයේ විජිතානි අනුරාධා හා උදාර ජයරත්නයි. ඔවුන් විවාහවී…

Coronavirus3

කාර්යාල විවෘත කිරීමේදී පිළිපැදිමට උපදෙස් අත්පොත

ශ්‍රී ලංකාවේ සේවා ස්ථාන යළි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශන අත්පොතක් සෞඛ්‍ය අමාතයංශය නිකුත් කර ඇත. රජයේ හා පුද්ගලික ආයතන මෙම නීති රීතී අනුව කටයුතු කරනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කර තිබේ. එම ලේඛනය පහත යොමුවෙන් ගොස් බලන්න.

කුඔුරට බසින්න පෙර මී උණ පෙත්ත බොන්න

කුඔුරට බසින්න පෙර මී උණ පෙත්ත බොන්න

කුඹුරු  වැඩට පෙර  මී උණ පෙති ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ  කළුතර දිස්ත්‍රික්කයේ  ගොවි ජනතාවගෙන් ඉල්ලති . සෑම වසරකම කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින්  වාර්තාවන බැවින් එ් පිළිබඳ    අවධානයෙන්  කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ  ජනතාවගෙන් ඉල්ලති . කුඔුරු  සහ  කුඔුරු ආශ්‍රිත  කටයුතු  වලදි මෙන්ම ජලාශ ,  මං මාවත් පවිත්‍ර  කටයුතු , කුඔුරු  හෝ එවැනි ස්ථානවල ක්‍රීඩා …

සැලොන් ඇරියාට රැවුල කැපිලි බෑ

සැලොන් ඇරියාට රැවුල කැපිලි බෑ

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් නිකුත් විය. එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාර හා බාබර්සාප්පුවලදී මුහුණ හා එම ආසන්න ස්ථාන ස්පර්ශ වන පරිදි සිදු කරන සියලු සේවාවන් තහනම් කර තිබේ. ෆේෂල් දැමීම, ඇහිබැමි සැකසීම, මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, ආලේපන තැවරීම තහනම්ය. ඊට…