මුඛ ආවරණ විවිධ ස්ථානවල දැමිමෙන් රෝග ව්‍යාප්තවිමේ අවදානමක්
කොවිඩ් වසංගතයෙන් බේරිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ සමහර පිරිස් මාර්ගයේ හා විවිධ ස්ථානවල දැමිමෙන් කොවිඩ් වසංගතය මෙන්ම විවිධ රෝග ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ…