today batti news
|

වැට මායිම් ගලවා අනවසර වෙළදුන්ට වෙළදාම් කිරිම සදහා අවසර දුන් නගරාධිපති

අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි නගරයේ හරිත කොටස ලෙස හදුන්වන ස්වාභ උයනේ වැට මායිම ගලවා එහි කොටසක් අනවසර වෙළදුන්ට වෙළදම් කිරිම සදහා ලබාදිමට අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ගෙන ඇති පියවරට එම සභාවේ පක්ෂ හා විපක්ෂ මන්ත්‍රී බහුතරයක දැඩි අප්‍රසාධය පලකලහ. අනුරාධපුර නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලේම පදිකයන් ගමන් කරනා කොටස් අනවසර වෙළදුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබියදි අනුරාධපුර…

හොරොව්පොතාන වගාබිම් අහිමිවුවන් කබලෙන් ලිපට
|

හොරොව්පොතාන වගාබිම් අහිමිවුවන් කබලෙන් ලිපට

වාහල්කඩ ජලාශයට ජලය පිරවිමෙන් පසුව වගාබිම් අහිමිවුව හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොවින්ට වන්දි මුදල් ලබාදිම කඩිනමින් ඉටුකර දෙන ලෙස කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාල අංශයන්ට පසුගියදා උපදෙස් ලබාදිම සිදුකලත් එම කටයුතු කඩිනම් කිරිමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයා කිසිදු උත්සාහයක් නොගන්නා බවට වන්දි අපේක්ෂාවෙන් වසර කිහිපයක් තිස්සේ බලා සිටින ගොවින් පිරිසක් චෝදනා කරති. වන්දි…

සිබිල් නැන්දා සමුගනී

සිබිල් නැන්දා සමුගනී

සිබිල් වෙත්තසිංහ  සිය ජීවිතෙයෙන් සමු ගත්තේය. ඒ සිය ජීවිතයේ 93 වන සැතපුම් කණුව පසු කරමින් සිටියදීය. සිබිල් නැන්දා ලංකාවේ ළමුන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ සිත් තුළද නොමැකෙන ලෙස සිතුවම් වී ඇති චරිතයකි. අපූරු චිත්‍ර මගින් අපූරු කතා ළමුන්ට සමීප කල සිබිල් නැන්දා ආදරය සතුට ඒ සිත් තුළට ගෙන ආවේය. කුඩ හොරා ඇයගේ අතිශයින් ජනාදරයට පත් නිර්මාණය…

සංචාරක හෝටල්වලට කන කොකා හඬයි
|

සංචාරක හෝටල්වලට කන කොකා හඬයි

සංචාරක කර්මාන්තය බිද වැටී මාස 18ක පමණ කාලයක් ගත වී නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා  පාස්කු ප්‍රහාරයෙන් පසු බිදවැ‍ටුණු පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරක හෝටල් කර්මාන්තය බිමට ම සමතලා වූ බවත් මේ වන විට සංචාරක හෝටල් හා නවාතැන්පළ ඇතුළු ආහාරපාන සපයන ස්ථාන 350 පමණ වැසී ගොස් එහි සේවය කළ සේවකයන් 3500 කගේ ‍රැකියා අහිමිවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික්…

milk

ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයන් කිරි පරිභෝජනය කරයි

ප්‍රමාණය ඉක්මවා ශ්‍රී ලාංකිකයින් දියර කිරි පරිභෝජනය කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලාංකිකයින් කිරි ලීටර් මිලියන 1250ක් වාර්ෂිකව පරිභෝජනය කරන බවත්  ඒක පුද්ගල දෛනික දියර කිරි පරිභෝජනය මිලි ලීටර් 100ක් බවත් වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 ක් වන බවත් ඒ අනුව වාර්ෂිකව දියර කිරි ලීටර් මිලියන පන්සියයක් වැඩියෙන් පරිභෝජනය…

පිහියක් පෙන්වා උඩුකය නිරුවත් කර රන් මාලයත් පැහැර ගනියි

පිහියක් පෙන්වා උඩුකය නිරුවත් කර රන් මාලයත් පැහැර ගනියි

පුද්ගලයකු ඇතිමලේ කොටියාගල කැකුලාන ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට පිහියක් පෙන්වා මරණීය තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය පැහැරගෙන ඇයගේ උඩුකය නිරුවත් කොට ජංගම දුරකතනයකින් රූගත කිරීමේ සිද්ධියක් පිළිබඳව ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. නාඳුනන අයකු නිවසට ඇතුළු වී පිහියක් නළලට තබා මරණ බවට තර්ජනය කොට ගෙල බැඳි රන් මාලය ගලවාගෙන පසුව ජංගම දුරකතනයකින් නිරුවත් උඩුකය ඡායාරූප…

මිෂෙල්  ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කරයි

මිෂෙල් ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කරයි

ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසියේදී සිය ආරම්භක දේශනය සිදු කරමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කර ඇත. ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය. ‘‘ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මුස්ලිම් සුළුතරයේ සාමාජිකයන් ඉලක්ක කර ඇත්තේ කොවිඩ් 19 සමග සම්බන්ධ කරන අපකීර්තිමත් සහ වෛරී ප්‍රකාශවලිනි. එසේම කොවිඩ්…

පාසල්වල කාර්ය මණ්ඩල වැඩ අරඹයි

පාසල්වල කාර්ය මණ්ඩල වැඩ අරඹයි

කොරෝනා වසංගය හේතුවෙන් පසු ගිය මාර්තු මස 13වන දින සිට වසා දැමුනු පාසල් ප්‍රථම අදියර යටතේ 29වන දින ආරම්භ කිරිමට අධ්‍යාපන අමත්‍යාංශය මගින් පියවර ගන්නා ලදි. එම තත්වයන් මත 29වන දින හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, හා කාර්ය මණ්ඩලය පමනක් විදුහල් වෙත පැමිනි අතර එම විදුහල් සිසුන්ගේ සෞඛ්‍ය තත්වයන් ආරක්ෂා වන පරිදි විෂබීජහරණය කිරිමටද…

world health organization latest news

දෙවන කොරෝනා රැල්ල සමග මිලියන ගණනක් පුද්ගලයින් මිය යන ලකුණු

නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ලොව රටවල් රැසක යලි ව්‍යාප්තවීම ඇරඹි ඇති බැවින් මිලියන ගණනක් ජනතාව ඉන් මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. අමෙරිකාව, යුරෝපය, ලතින් අමෙරිකානු රටවල සහ ඉන්දියාව තුල නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල්වරයා…

නඩරාජා සමුගනී

නඩරාජා සමුගනී

ප‍්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා පෙරේදා (24 දා) අභාවප‍්‍රාප්ත විය. කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසුවිය. ජාතික රූපවාහිනියේ සහ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දමිළ අංශයේ නිවේදකයෙකු වූ සින්නයියා නඩරාජා සිවම් මහතා ජාතික රූපවාහිනියේ විකාශය වූ ”ආයුබෝවන්’’ ඇතුළු වැඩසටහන් රැසකට…