කංසා වගාව නීති ගත කරන්න සුදානමක්
කංසා යනු ඖෂධයක් බවත් ඒවා වගා කිරීමට ශ්‍රී ලංකාව බොහෝ සුදුසු බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසුවා . මේ හේතුවෙන් කංසා වගාව ලියාපදිංචි කර බලපත්‍ර ඇතිව සිදු කළ හැකි වැඩපිළිවෙළක් යොදන්නේ නම් එය ඉතා වටිනා බව ද උන්වහන්සේ පෙන්වා දුන්නා. උන්වහන්සේ මෙම අදහස් පළ කළේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් .