බඩගින්න නිර්පාක්ෂිකයි
කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය. එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මව්වරුන් විඳී පීඩාව…