death
|

මෙරට ජනපති අපෙක්සකයකු මියයයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය. මිය යනවිට 78 හැවිරිදි වියේ පසු ඉල්ලියාස් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.

money
|

පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි වෙයි

පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයින් හට ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කොට ගනිමින් වර්තමානයේ පවතින මූලික වැටුප ඉහළ දමන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට…

වගා හානි සඳහා ගෙවන රක්ෂණ වන්දි මුදල 100,000ක්
|

වගා හානි සඳහා ගෙවන රක්ෂණ වන්දි මුදල 100,000ක්

වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා රජය විසින් නොමිලයේ ගෙවනු ලබන රුපියල් 40,000ක මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන්නැයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් පිරිසක්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වී ගොවි ගැටළු…

sathosa
|

ලංකා සතොස ලාභ ලබයි

ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ස.තො.ස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ ආදායම රුපියල් මිලියන විසිහයදහස් හත්සිය හැත්තෑ හතරක්. එය 2023 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපෙක්ෂව සියයට 4 ක හෙවත් මිලියන 837 ක අදායම් වර්ධනයක්. මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන…

ධීවරයින්ට හා තේ වගාකරුවන්ට සහනාධාරයක්
|

ධීවරයින්ට හා තේ වගාකරුවන්ට සහනාධාරයක්

ධීවරයින්ට ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඊට අමතරව තේ වගාකරුවන් සඳහා රුපියල් 4,000ක පොහොර සහනාධාරයක් ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම සහනාධාර අද (22) සිට ක්‍රියාත්මක යි.

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය
| |

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය

රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහායි.

නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා
|

නිල්වලා පිටාර ගලා අකුරැස්සේ ගමනාගමනයට බාධා

පවතින වැසි සහිත කාළගුණයත් සමඟ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් නිල්වලා ගංගාව පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතියි ඒ අනුව අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ලවෙමින් ඇත . මේ තත්ත්වය නිසා අකුරැස්ස නගරයේ සිට සියඹලාගොඩ තළහගම මාකඳුර පස්ගොඩ ඌරුබොක්ක ආදී පානදුගම හරහා ගමන් පහසුකම් සලසා ගන්නා විශාල පිරිසක් පීඩාවට පත්වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර…

වඩිවෙල් සුරේෂ්ට සහ මව්ලානාට ඇමති ධුර දෙකක්
|

වඩිවෙල් සුරේෂ්ට සහ මව්ලානාට ඇමති ධුර දෙකක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබෙනවා. එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති අතර වඩිවේල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වුණා. අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක්
| |

ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක්

ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කරන ලද ස්වයං රැකියාලාභින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අලෙවි සැලක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂක මයිකල් ජෝකිම් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවගේ ආර්ථික තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත ඔස්ට්‍රේලියා ඒඩ් ආයතනයේ සහයෝගය මත ප්‍රිඩෝ ආයතනය වතුකර කාන්තාවන් සදහා විවිධ ස්වයං රැකියා පුහුණු පාඨමාලාවන් ආරම්භ කර ඇති…

මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ රට බාර ගත් එකම නායකයා
|

මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ රට බාර ගත් එකම නායකයා

මේ රට බංකොලොත් රාජ්‍යක් බවට ලෝකයට ප්‍රකාශ කල අවස්ථාවේ පාර්ලීමේන්තුවේ මංත්‍රිවරුන් 54 දෙනකු සිටි විපක්ෂ නායකවරයා මේ රට බාර ගන්න බාර නොගත් අවස්ථාවේදි  වත්මන් ජනාධිපති මේ රට බාර ගෙන නැවත සංවර්ධනය කරා ගෙන ගිය බව එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරිමේ රැස්විමක් අමතමින් මේ…