දේශපාලන අරමුණවලට වඩා වැදගත් රටේ ආර්ථික ස්ථාවර බව
දේශපාලන අරමුණුවලට වඩා රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ ප්‍රගතියට ප්‍රමුඛතාව දීම වැදගත් බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, මැතිවරණය ළංවීමත් සමග විපක්ෂයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ ආර්ථික උපදේශකවරුන්, මෙරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් යථාර්ථවාදී නොවන අදහස් ප්‍රකාශ කරන බවයි. මීට වසර දෙකකට පෙර සම්පූර්ණයෙන්ම අවුල්සහගතව පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකය…