ජනපති රනිල් ගැන ඕස්ට්‍රේලියානු හිටපු අගමැතිගෙන් සහතිකයක්
|

ජනපති රනිල් ගැන ඕස්ට්‍රේලියානු හිටපු අගමැතිගෙන් සහතිකයක්

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ධනාත්මක මාවතකට පැමිණ තිබිම විශ්වාස කිරීමට පවා අපහසු බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි. යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. “ශ්‍රී ලාංකිකයින් දුෂ්කර තෝරා ගැනීම් , අභියෝග හා දැඩි වේදනාකාරී ප්‍රතිඵල මධ්‍යයේ මෙම ගමන පැමිණ ඇති…

රජයේ මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව
|

රජයේ මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මූලික මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ, අනුව ආකෘති මුද්‍රණය ඇතුළු විවිධ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම මේ වනවිට එම ආයතනයේ සිදුවෙමින් පවතින බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ පැවසුවේ. මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි වාර්තා වෙයි. පවතින සහ ඉදිරි මුද්‍රණ අවශ්‍යතා සඳහා…

derana news today
|

අස්වැසුම දෙවන අදියරේ සංගණන කටයුතු ලබන 31න් අවසන්

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් 454,924ක් ලැබී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරයි. ඉන් වැඩිම අයදුම්පත් සංඛාවක් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ලැබී ඇති බවයි වාර්තා වෙයි. අස්වැසුම පළමු අදියර යටතේ 1,854,000ක් සඳහා ප්‍රතිලාභ…

money converter
|

වැටුප් වල සත්‍ය අගය පහතට

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 – 2024 අතර කාලයේදීඅඩුවී ඇතැයි මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පැවසීය. වැටුප් වල සත්‍ය අගය මෙසේ පහත…

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි
| |

සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි

මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19…

bandana
|

සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ලැබෙන ලකුණු

මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍යවරයා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට අගෝස්තු 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ට ජනාධිපතිවරණය අතුළු මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය සම්බන්ධයෙන්. අදාළ පෙත්සම ගොනුකර තිබුණේ, සිරකරු…

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
|

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි

මෙම වසර ආරම්භයේ සිට ඉකුත් ජූලි 15වැනිදා දක්වා වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දසලක්ෂය (1, 095, 675) ඉක්මවා ගොස් ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව එම අමාත්‍යාංශය පවසන්නේ, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටමද අභිබවා…

slparli
|

වංචා දූෂණ වැළැක්වීමට විගණකාධිපතිට පූර්ණ බලතල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව “දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි…

ranil-wickkaramasighe
|

රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය.

සමෘද්ධි නිලධාරීන්ට වැඩක් දෙනු! – අජිත් පැරකුම් ජයසිංහ
|

සමෘද්ධි නිලධාරීන්ට වැඩක් දෙනු! – අජිත් පැරකුම් ජයසිංහ

2023 වසරේ ජුලි මස සිට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන හඳුන්වා දීමත් සමග සමෘද්ධි වැඩසටහන අත්හිටුවීම නිසා 18,000ක් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කිරීමට වැඩක් නැති තත්වයකට පත්ව සිටින බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුව පවසයි.  1995 පමණ සිට ක්‍රියාත්මක වූ සමෘද්ධි ව්‍යාපාරය සතුව සමෘද්ධි බැංකු 1097ක් දිවයින පුරා තිබෙන අතර ඒවායේ කටයුතු ද අඩපණ වී ඇති බව…