අතුරුදන් වූ ශිෂ්‍ය නායකයා ගැන දැන ගන්න වෛද්‍ය සිසුවෝ අංජනමක් බලන්න යති
මාතර නගරයේ කීර්තිමත් බටහිර වෛද්‍යවරයකුගේ එකම පුතු වන නාමල් කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වූයේ 1990 වසරේ ය. 1988, 1989 යන දෙවසර පුරා රට තුළ පැවැති භීෂණ සමයේ මෙරට තරුණ තරුණියන් හැට දහසක් පමණ ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වී තිබීම හේතුවෙන් හටගත් සමාජමය කැළඹීම ඒ වන විට නිමා වී නොතිබිණ. නාමල්ගේ මිතුරු මිතුරියන්ගේ ඥාතීන් සහ දන්නා කියන…