| |

රේගුවට හොරෙන් ‍සුපිරි වාහන 400ක් ගෙන්වලා

රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත. එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගත් අති සුඛෝපභෝගි මෙම වාහන 168ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී…

පොසොන් සමයේ අනුරපුරේ යන අයට අමතර බස් 400ක්
|

පොසොන් සමයේ අනුරපුරේ යන අයට අමතර බස් 400ක්

පොසොන් සමයේ දිවයිනේ නන්දෙසින් අනුරාධපුරයේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව හාරසියයකට (400) වැඩි අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කළේය. ඓතිහාසික අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්…

අදත් දුම්රිය වර්ජනය
|

අදත් දුම්රිය වර්ජනය

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. අද උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 20ක් පමණ අවලංගු වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම…

මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
|

මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු සහඋතුරු-මැද පළාත්වලසිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ…

srilnka-crickert
|

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්ය.2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සහ විස්සයි විස්ස ලෝක කුසලානයේහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා…

මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි පෙරළෙයි
|

මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි පෙරළෙයි

කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෙම මෝටර් රථය වනරජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන්…

| |

රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ – පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන්

රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු දෙකේ ඉන්න ඕනේ කියන එක තම අදහස බවත් වර්තමාන ජනාධිපති කම වෙනස් කළොත් රටේ ආර්ථික ප්‍රශ්නය තවත් වැඩිවෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් මහතා මාධ්‍ය හමුවේ පැවසුවා.. මෙම මාධ්‍යමය වැඩි විදුරටත් අදහස් දැක්වූ මාර්ලිමේන්තු මන්ත්‍රී සී.ව් විග්නේෂ්වරන් මහතා…. දකුණේ කෙනෙක් තමයි දිනන්නේ…පොදු අපේක්ෂකයෙක් ගෙනාවට අපිට දිනන්න බෑ… ජනාධිපතිවරණයට අපි දකුණෙන් එන අපේක්ෂකයන්ට…

gossip lanka news
|

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළෙඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු හතර දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මහතා විසිනුයි. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා…

ගෙවුණු පස් මාසයට ඩෙංගු රෝගියෝ 25,000ක්
|

ගෙවුණු පස් මාසයට ඩෙංගු රෝගියෝ 25,000ක්

ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (6) පැවසීය. පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය වසංගතයක් දක්වා…

අයහපත් කාලගුණය නිසා නිවාස 5,587කට හානි
|

අයහපත් කාලගුණය නිසා නිවාස 5,587කට හානි

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී තිබේ. නිවාස 56ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 5,531ක් වන අතර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව ද මේ වන විට 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. එක් පුද්ගලයෙකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 16කි. පුද්ගලයින් 7,639…