death
|

ආපදා මරණ 15 ක්

නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වීමත් සමග සිදුවූ ආපදා හේතුවෙන් මරණ 15 ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉකුත් මැයි මස 15 වැනිදා සිට ඊයේ (02) දක්වා වූ දින 19 ක කාලය තුළදී මෙම මරණ වාර්තා වේ. කොළඹ, ගාල්ල, රත්නපුර, පුත්තලම, නුවරඑළිය, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වේ. මරණ…

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද
| |

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ.ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගය. තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතය.මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත් වේ.

kelani-river-flood
|

මහා ගංවතුර තත්ත්වයක්

ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවලම ප්‍රදේශයෙන් ගිං ගඟේ ජල මට්ටම මීටර් 8.35ක අගයක් ගෙන ඇති බවය. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගිං ගඟේ ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතින බවය. එසේම ගිං ගඟේ ජල මට්ටම අද දහවල් 12 වනවිට බද්දේගම…

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමත් සමග කැලණි ගගේ ජල මට්ටම ඉහළට
|

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමත් සමග කැලණි ගගේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය මේ වන විට පිටාර ගැලිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එහ ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිරි එහි ජලය මේ වන විට පිටාර ගලමින් පවතින බවත්ය. මෙම ජලාශයේ ජලය මෙසේ…

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
|

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර

ත්‍රිපෝෂ නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවසර ලබා දී ඇත. වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේදීය. මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට…

ප්‍රමිතිය නැති පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ටපොලී රහිත ණය නෑ
|

ප්‍රමිතිය නැති පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ටපොලී රහිත ණය නෑ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වුවද නියමිත ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන නොයන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රමිතියට නොමැති ආයතන සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කළ නිරීක්ෂණවලින් පසුව ය. ලියාපදිංචි ඇතැම් ආයතන අධ්‍යයන කටයුතුවලට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට අසමත්ව ඇති…

මෝදි පැය 45ක භාවනාවක
| |

මෝදි පැය 45ක භාවනාවක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව ඔහු 1892 වසරේදී ඉන්දීය දාර්ශනිකයෙකු වූ ස්වාමි විවේකානන්ද භාවනා කළ ස්ථානය වන තමිල්නාඩුවේ කන්‍යාකුමාරි හි සුප්‍රසිද්ධ විවේකානන්ද පාෂාණ අනුස්මරණ ස්ථානයේ “ධ්‍යාන් මණ්ඩපයේ” දී භවනා කරන බව සඳහන්. අගමැති මෝදී අද (01) පස්වරු කාලය වන තෙක් භාවනාව සිදු කරන…

අයර්ලන්තය සමග පැවති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
| |

අයර්ලන්තය සමග පැවති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තේ ය. ශ්‍රී ලංකා දෙවැනි පුහුණු තරගයේ ප්‍රතිවාදියා බවට පත් වුනේ අයර්ලන්ත කණ්ඩායමයි. ලෝඩර්හිල්හීදී අයර්ලන්ත ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි. පැතුම් නිස්සංක ලකුණු…

law
|

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන්ට විමර්ෂන අවසන් වන තෙක් ධූරවලින් ඉවත් වන්නයැයි කොළඹ නීතිඥ සංගමය දන්වයි

කොළඹ නීතිඥ සංගමයේ ඊයේ දින එනම් මැයි මස 30 වන දින පැවති කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදකාරී තත්වය සාකච්ඡා වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු දරන්නන්ට මූල්‍ය හා කාර්‍යපටිපාටියන් අවභාවිතය සම්බන්ධ ජනාධිපති නීතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ විමර්ශන වාර්තාව ලැබෙන තෙක්…

donal trump
| |

නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි

නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…