tamildhool vijay tv
|

මත්පැන් විෂවීමකින් 65ක් මරුට

නීති විරෝධී මත්පැන් විෂවීමකින් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මත්පැන් අලෙවිය සහ පරිභෝජනය 2016 වසරේ සිට නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ තහනම් කර ඇති පසුබිමකයි මෙම මරණ වාර්තා වී ඇත්තේ. මත්පැන් විෂවීමෙන් කිහිපදෙනෙකු ජීවිත ගලවා ගෙන ඇතත් ඇස් පෙනීම පවා සම්පූර්ණයෙන් අහිමි වී ඇති බවත් වාර්තාවනවා.

ukrean-russiya
|

නත්තලට සටන් විරාම නැත

යුක්‍රේනය ගෙන ආ සාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා එමෙන්ම නත්තල් සමයේ සටන් විරාමයක් නොමැති බවද රුසියාව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය මත 2022 දී සටනේ අවසානයක් දැකීමට අපහසු බව එක්සත් ජනපදය පවසා තිබෙනවා යුක්‍රේනයේ මාස 10කට ආසන්න කාලයක් පවතින යුද ගැටුම්වලට නත්තල් සමයේදී සටන්…

ukrean-russi
|

යුක්රේනයෙන් රුසියාවට ෂෙල් ප්‍රහාරයක්

රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. නිවාස සහ ගොඩනැගිලි කීපයකට හානි සිදුවුණු බව නගරාධිපතිවරයා පැහැදිලි කර ඇත. ක්ලින්ට්ස්කී නගරයේ 60,000 ක පිරිසක් ජීවත් වෙති. නගරය ඇත්තේ යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 45 ක් පමණ…

japan-thusami-warning
|

සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ – සෙමෙරු ගිනිකන්ද විදාරණය වීමත් සමඟ ජපානයේ දකුණු දිග දූපත් වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉන්දුනීසියාවේ ජාවා හී උසම සක්‍රීය ගිනි කන්ද වන මෙය විදාරණය වී ඇති අතර 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. පසුගිය වසරේ සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක්…

earthque
|

මෙක්සිකෝවේ භූ කම්පනයක්

මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ.

indonesia-earthquake
|

භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ. සුන්බුන් අතර සිරවී…

rockert
|

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රොකට් ප්‍රහාරයක්

යුක්රේනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජගත් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. යුරෝපයේ පවතින විශාලතම න්‍යෂ්ටික බලාගාරය මෙය වනවා.

Elon-Musk-to-Putin
|

ට්විටර් කාර්යාල සියල්ලම වසා දමයි

ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය. මේ අතර ට්විටර් සමාගමේ නව හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක්, එම…

Cyril-Ramaphosa
|

දකුණු අප්‍රිකා ජනපති ලංකාවට

ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වෙන ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නැවත දකුණු අප්‍රිකාවට යන ගමනේදී සිරිල් රම්පෝසා මහතා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායකට ගිය අතර නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක

රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක

රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීම රුසියාව බාරගත යුතු යැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,බංගලාදේශය ,බ්‍රසීලය,දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් 73 ඡන්දය දීමෙන් වැළකී තිබේ.