plane-attack
|

දෙවන ලෝක යුද්දයේ භාවිත වූ ගුවන් යානා දෙකක් ගැටෙයි

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබේ. යානා දෙක ගැටෙන අවස්ථාවේ 6 දෙනකු යානා දෙකේ සිටි බව එම ගුවන් යානාවල හිමිකාරත්වය දරන සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. බෝයිං බී-17 සහ බෙල් පී-63 යානා දෙකක් මෙසේ ගැටී ඇත. ඩලස් ගුවන්…

elon-mask

ඊලොන් මස්ක්ගේ වත්කම අඩු වෙයි

ලොව ධනවත් ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 195ට අඩු වී තිබෙනවා. ඔහු විසින් ඇමරිකානු ඩොලර් බිලියන 44 වැය කර ට්විටර් සමාගම මිල දී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

china-smart-phone
|

ආරක්ෂක හේතූන් මත චීන ජංගම දුරකථනවලට තහනමක්

චීන ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණ කිහිපයක් මිලදීගැනීම අත්හිටුවීමට අමෙරිකාව සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අලෙවිකිරීම තහනම් කිරීමට සැරසෙන්නේ Huawei, ZTE, Hytera Communications Corp , Hangzhou Hikvision Digital Technology Co සහ Zhejiang Dahua Technology Co යන සමාගම්වල ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආරක්ෂක හේතූන් මත මෙම තීරණය…

twitter
|

ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් ජාලය හිමිකරගනී

ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය. එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම…

ranil-jayawardana
| |

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් සිය ඇමති මණ්ඩල සංශෝධනය ඇරඹීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කරනු ලැබුවේ ලිස් ට්‍රස්ට් හිටපු අගමැතිවරිය විසිනුයි. ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ…

borinjonson
|

බොරිස් ජොන්සන් නැවතත් සටනට

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නැවතත් එරට කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බලය කන්සර්වේටිව් පක්ෂයට හිමිව තිබෙන අතර එම පක්ෂයේ නායකත්වය ලබාගන්නා තැනැත්තා එරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙයි.

econimc
|

බ්‍රිතාන්‍යයත් ආර්ථික අර්බුදයක

දරුණු ආර්ථික අර්බුදයක් අබියස පවතින බ්‍රිතාන්‍යයේ උද්ධමනය සියයට 10.1ක් ලෙස සටහන් ව තිබේ. මෙය සැලකෙන්නේ ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය ද ලෙසය. බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින අතර එය සටහන් වන්නේ ගෙවුණු වසර 40 තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාව ද ලෙසය. ආර්ථික විශ්ලේෂකයින් අනතුරු…

russiya-camp-attack

රුසියානු හමුදා කඳවුරකවෙඩි ප්‍රහාරයකින් 11දෙනෙකු මරුට

රුසියානු හමුදා පුහුණු කඳවුරක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11දෙනෙකු ඝාතනයට ලක්ව ඇත. යුක්‍රේනයේ යුද වැදීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සෙබළු පිරිසක් ඉලක්ක කරගෙන සැකකරුවන් විසින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බෙල්ගරාඩ් හිදී සිදුවූ මේ වෙඩි තැබීමෙන් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇත. වෙඩික්කරුවන් දෙදෙනා ද එම අවස්ථාවේ දී වෙඩි තබා…

missile

මිසයිල ප්‍රහාර හේතුවෙන් රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ දුම්රිය නවතී

යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ – නොවිඔස්කොල් නගරයට ආසන්නයේ මිසයිල ප්‍රහාර රැසක් එල්ල වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. යුක්රේනය සහ රුසියාව අතර එම කලාපයේ සටන් මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, දුම්රිය ගමනාගමනය අත්හිටුවීමත් සමඟ නගරයේ 18,000 ක් පමණ වන වැසියන් අසීරුතාවලට පත්ව ඇති බවයි විදෙස්…

erick
|

එරික්ට මෙරටින් උපදේශක තනතුරක්

හිටපු නෝවේ සාම නියෝජිත එරික් සෝල්හයිම් මහතා මෙරට කාලගුණය පිලිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරකට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති හමුවක තොරතුරු සිය ට්විටර් ගිණුමේ පළකරමින් සෝල්හයිම් මහතා මේ බව පවසා තිබේ. මේ අතර ඔහු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී ඇත. සෝල්හයිම් මහතා 2001 වසරේ ලක් රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සාමගිවිසුම…