uk
|

නේටෝ සහ ජී හතේ සහාය යුක්රේනයට

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු ව යුක්රේනයට තවදුරටත් සහාය දෙන බව ජී 7 කණ්ඩායමේ නායකයින් ප්‍රකාශ කළා. පෙරේදා මොවුන් රැස් වී තීරණය කර ඇත්තේ, යුක්රේනයට තවදුරටත් හමුදා සහ මානුෂීය ආධාර ලබා දීමට යි. මේ අතර නේටෝ සංවිධානය ප්‍රකාශ කළේ, ඉදිරියටත් යුක්රේනය සමඟ සිටින බව යි.

india-tv
|

රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක්

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය. සෑම දිනකම පස්වරු 07ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළයුතු අතර එය නැවත…

airp
|

එරෝෆ්ලොට් පළමු යානය දිවයිනට

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මීට මාස හතරකට පමණ පෙර අත්හිටුවනු ලැබුවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කොළඹ වානිජ මහාඅධිකරණය ලබාදුන් නියෝගයක් මත රඳවා තබාගැනීමත් සමඟයි. මෙම සිදුවීමෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වු අතර මෙරට ආර්ථීකයට ද එමගින් එල්ල වුයේ දැඩි බලපෑමක්. ඒ අනුව, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දෙරට තුල ගුවන්…

blastic-missile

ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක්

උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. මේ පිළිබඳව වාර්තා කළේ, දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ ජපාන වෙරළාරක්ෂක බලකාය විසිනි. එම වාර්තාවලට අනුව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඉහළින් මෙම අත්හදා බැලීමේ මිසයිලය දියත් කර ඇතැයි සඳහන් ය. 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් පියාසර කළ පළමු මිසයිලය වන මෙය විනාශ කිරීමට කිසිදු ආරක්ෂක…

hack
|

ඔස්ට්‍රේලියාවේ දත්ත සොරකමක්

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 40%ක පමණ දත්ත සොරකම් කර ඇති බව වාර්තා වෙයි. එරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඔප්ටස් සමාගම නිවේදනය කළේ සයිබර් ප්‍රහාරයක් මගින් එහි පාරිභෝගිකයන් මිලියන 10ක පමණ පෞද්ගලික දත්ත සොරකම් කර ඇති බවය. එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වී ඇති බරපතළම දත්ත සොරකම ලෙස සැලකෙයි.

oil
|

බොර තෙල් මිල පහතට

ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුවෙමින් පවතින අනුමානය හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් අද (26) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බොහෝ ආර්ථිකයන් හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස දැක්වෙයි.

pakistan economic crisis
|

පාකිස්තානයට ආර්ථික පීඩා

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ක්ෂේත්‍රය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්ධන මිල ඉහළයෑම පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය කඩාවැටීමට ප්‍රධාන හේතුව බවය. ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය හමුවේ ක්ෂේත්‍ර රැසක ගැටලු පැනනැගී ඇති බවද වාර්තා වෙයි.

putin
|

පුටින් දැඩි තීරණයක් ගනී

රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව මෙවැනි නියෝගයක් එරට පාලකයෙක් ලබාදී ඇත්තේ පළමුවරටය. රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා කතාකළ රුසියානු ජනාධිපති වරයා පැවසුවේ බටහිර රටවල් සිය රට “න්‍යෂ්ටික” තර්ජනයකට ලක්කර ඇති බවය. තත්ත්වය සීමාව ඉක්මවා ගියහොත් තමන් සතු විශාල අවි භාවිත කිරීමට රුසියාව පසුබටනොවන…

uk-sl
|

ශ්‍රී ලාංකිකයන්ට දරුණු වධහිංසා – යුක්රේන මාධ්‍යවේදිනී

රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්‍රේනය බලා පිටව ගොස් සිටිය දී, එහි දරුණු ගැටුම් පැවති කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට දරුණු වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා. කාර්කිව් (Kharkiv) පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ, රුසියානු හමුදා විසින් එම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩ ගෙන ඇති අතර…

යුක්රේන ජනාධිපතිට තුවාලයි
|

යුක්රේන ජනාධිපතිට තුවාලයි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. ජනාධිපති සෙලන්ස්කී කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත. ජනාධිපති සෙලෙන්කීගේ තුවාල බරපතල නොවන බව තහවුරු කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගී නිකිෆරෝව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.