russiya-rocket
|

රුසියාව දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි

රුසියාව යුක්රේන යුද්ධය සදහා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට සූදානම් වන බව ඇමෙරිකානු නිලධාරීහු සදහන් කරති. රොකට් මෙන්ම කාලතුවක්කු උණ්ඩ මිලියන ගණනක් උතුරු කොරියාවෙන් මිල දී ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බව එම නිලධාරීන් පවසා ඇත. යුක්රේන යුද්ධයට වගකිව යුත්තේ ඇමෙරිකාව බව පසුගියදා උතුරු කොරියාව පවසා තිබිණි. රුසියාව සිය බලය පාවිච්චි කරන තත්ත්වයට පත් වූයේ…

earthque

ඉන්දුනීසියාවේ ප්‍රභල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇතැයි වාර්තා වනවා. ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ කම්පනය බලපෑ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

corona
|

ෆයිසර් සහ මොඩර්නා ගැටෙයි

ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ. මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගම ට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව වාර්තා විය. මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.  

russiarmy
|

රුසියානු හමුදාවට අලුතින් සෙබළු බඳවා ගනියි

හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 10 කින් වැඩි කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවට අලුතින් එක්වීමට නියමිත සාමාජිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 37,000 ක්. රුසියාව සතුව හමුදා සාමාජිකයින් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර සිවිල් කාර්යයමණ්ඩලය ලක්ෂ 09 කට ආසන්නයි. මෙම හමුදා සාමාජිකයින් වැඩි කිරීම ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි…

imrankan
|

ඉම්රාන්ට ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනුවෙයි

ඉම්රාන් ඛාන් ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබේ. ඔහුට එරෙහිව එම පරීක්ෂණ අරඹා ඇත්තේ ඉම්රාන්, සිය ප්‍රබලම ආධාරකරුවාව රඳවාගෙන හිරිහැර කළ බවට එරට පොලීසියට සහ අධිකරණයට චෝදනා කිරීමෙන් පසුවය. මේ හේතුවෙන් එරට තුළ උණුසුම්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවත් ඉම්රාන් ගේ අධාරකරුවන් ඔහුගේ නිවස අසල රැස්වෙමින් ඇති…

Zaporizhzhia
|

ජගත් මහලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

දකුණු දිග යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ ගැටුම්වල නිරතවීම පිළිබඳ දැඩි අවදානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් António Guterres පවසයි. යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමඟ යුක්‍රේනයේ Lviv හිදී පැවැති සමුළුවකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

gov
|

රාජ්‍ය ආයතන 52ක් ගැන අනාවරණයක්

2022 වසරේ පළමු මාස හතර තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක සමස්ත පාඩුව, 2021 දී වාර්තා වූ මුළු වාර්ෂික අලාභයට වඩා ඉහළ ගොස් ඇති අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම ආයතන සියල්ලේ සමස්ත අලාභයෙන් සියයට 73ක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කරන PublicFinance.lk වෙබ් අඩවිය අනාවරණය…

National Portal of India
|

ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන පොරොන්දුවක්

ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, ඉන්දීය 75 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින්. ඉන්දීය නිදහස් දින සැමරුම පැවැත්වුණේ එරට ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිටයි. ඒ වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්ද යොදා තිබුණා. ඉන්දියාව සංවර්ධිත රටක් කරා ගෙන යන ගමනේදි ජනතාවගේ සහායද අත්‍යවශ්‍ය බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා. සෑම…

china-guwan
|

චීන හමුදා ගුවන් යානා තායිවානයට

චීන හමුදාවට අයත් ගුවන් යානා 11 ක් තායිවාන ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. මෙම ගුවන් යානා සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර එරට ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුලු වී ඇති බවට තායිවානය චෝදනා කරයි.

lawyers
| |

රුපියල් 20 ක් වෙනුවෙන් වසර 22 ක් නඩු කියා ජය ලබයි

දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත් චතුර්වේදී නම් වූ ඔහු නඩු 120 කට පෙනී සිටි නීතීඥවරයෙකු වීමද විශේෂත්වයක්. මීට අමතරව 1999 යේ සිට 2022 දක්වා ඔහුට වසරකට සියයට 12ක පොළියක් ඇතුලත් වන පරිදි රුපියල් 20 ක මුදල…