රුසියානු රත්‍රන් ආනයනය ඔස්ට්‍රේලියාවේ තහනම් වෙයි

රුසියානු රත්‍රන් ආනයනය ඔස්ට්‍රේලියාවේ තහනම් වෙයි

මේ අතර ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්‍රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග කිවෙය් හිදී පැවති මාධ්‍ය හමුවකදී ඇල්බනීස් පැවසුවේ ඔස්ට්‍රේලියාව තවත් රුසියානු ඇමතිවරුන් සහ කතිපයාධිකාරීන් 16දෙනෙකුට සම්බාධක සහ සංචාරක තහනම් පනවන බවත්, ඔස්ට්‍රේලියාව විසින් සම්බාධක පැනවූ මුළු…

වසර 60කට පසු දකුණු චීනය ගංවතුරට යට වෙයි

වසර 60කට පසු දකුණු චීනය ගංවතුරට යට වෙයි

දකුණු චීනයේ ගුවාන්ඩොං ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ප්‍රාන්ත බලධාරිහු ප්‍රකාශ කරති. වසර 60කට පසු ඇතිවූ දරුණුතම වර්ෂාපතනය මෙය බව ද එම ප්‍රාන්තයේ බලධාරීන් සඳහන් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. නිවාස දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සහ හෙක්ටයාර් 27කට අධික භූමියක භෝග…

Gusravo Petro
|

කොළොම්බියාවට වාමාංශික ජනාධිපතිවරයෙක්

කොළොම්බියාවේ පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්‍රෝ තේරී පත්වී ඇත. ඒ ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක වූ සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිවරයෙකු වන රොඩොල්ෆෝ ෆර්නැන්ඩස් පරාජයට පත්කරමින්.  

china-russiya

චීන ජනාධිපති ගෙන් රුසියානු ජනාධිපතිට දුරකථන ඇමතුමක්

චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ. යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාකච්ඡා මාර්ගයෙන් යුක්‍රේන අර්බුදය විසඳීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බවට චීන ජනාධිපතිවරයා එහිදී රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

awi

යුක්රේනයේ අවි ගබඩාවක් රුසියානු ප්‍රහාරවලින් විනාශ වෙයි

රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ යුක්රේනයේ පිහිටි විශාල අවි ගබඩාවක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එලෙස විනාශ වී ඇත්තේ යුක්රේනයේ ටර්නොපිල් ප්‍රදේශයේ පිහිටි අවි ගබඩාවක්. රුසියාව එල්ල කළ කෲස් මිසයිල ප්‍රහාරයක් හමුවේ එම අවි ගබඩාව විනාශ වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වෙයි. එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකාව ප්‍රමුඛ…

යුක්රේන ජනපති අනතුරු අඟවයි
|

යුක්රේන ජනපති අනතුරු අඟවයි

රුසියාව, කළු මුහුද ආශ්‍රිත ව යුක්රේනයට අයත් වරාය සැපයුම් අවහිර කිරීම හේතුවෙන් ලෝකය භයානක ආහාර අර්බුදයක අභියස සිටින බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරයි. ඔහු කියා සිටියේ, රුසියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් යුක්රේනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් කුසගින්නට පත්වීමේ අවදානමක් පවතින බව යි.

aeroflot
|

රුසියාවෙන් ශ්‍රී ලංකාවට මල් මිටක්

එරෝෆ්ලොට් ගුවන් යානය මුදා හැරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය පිටුවේ සටහනක් තබා ඇති රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, කොළඹ වාණිජ මහා අධිකරණය විසින් ලබාදුන් රඳවා ගැනීමේ නියෝගය එම අධිකරණය විසින් ම ඉවත්…

බොරිස් ජොන්සන්ට අනතුරු ඇඟවීමක්

බොරිස් ජොන්සන්ට අනතුරු ඇඟවීමක්

බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමට තීරණය කිරීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අමතමින් අනතුරු ඇඟවීමක් කර තිබේ. මහා බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමක් කළහොත් බ්‍රිතාන්‍යයේ හමුදා ඉලක්කවලට පහර දීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපතිවරයා අනතුරු අගවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ukren

රුසියානු හමුදාව යටතට පත් කොටසක බලය යළි යුක්‍රේනයට

යුක්‍රේනයේ රුසියානු හමුදාව යටතට පත් සෙවරඩොනෙක්ස් හි කොටසක බලය යළි යුක්‍රේන හමුදාව විසින් අත්පත් කර ගෙන තිබේ. එසේම එහි යුදමය තත්ත්වය තවත් දරුණු අතට පත්ව තිබෙන බව එරට ආරක්‍ෂක අංශ පවසයි. යුක්‍රේනයේ රුසියානු හමුදාව අත්පත් කරගත් භූමියෙන් සියයට 20ක් මේවන විට යළි අත්පත් කරගෙන ඇති අතර යුක්‍රේන ආරක්‍ෂක අංශ වැඩිදුරටත් සදහන් කරයි.

kk

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි

ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී තිබේ. ජීවිතක්ෂයට පත්වීමට පැය කිහිපයකට පෙර, KK බටහිර ඉන්දියාවේ කොල්කටා නගරයේ ශ්‍රීමත් ගුරුදාස් මහාවිද්‍යාල විද්‍යාලයේ නස්රුල් මංචාහි ප්‍රසංගයක් ද පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඔහු හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත ගායනා කළ ගායකයෙකි.