america-china
|

ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනය ගැන ලෝකෙට බොරු කියූ බව මාට්ටූ වෙයි

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු…

shooting

පාසලක වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 21 දෙනාගෙන් 19 දෙනකු පාසලේ දරුවන් බවත් ඉතිරි දෙදෙනාගෙන් එක් අයකු පාසලේ ගුරුවරියක බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

mariyapol

යුක්‍රේනයේ මරියුපෝල් නගරය රුසියාව යටතට

යුක්‍රේයේ මරියුපෝල් වෙළෙඳ නගරය රුසියාව විසින් අත්පත් කර ගෙන ඇත. එම නගරය අල්ලා ගැනීම, රුසියාව පැහැදිලි ජයග්‍රහණයක් ලද පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නගරයේ ඇති න්‍යෂ්ටික විදුලි බලාගාරය මගින් රුසියාව විදුලිය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවද වාර්තාවේ.

af
|

තලේබාන් පාලනයෙන් දැඩි ආහාර හිඟයක්

ඇෆ්ගනිස්තාය දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි අන්තර්ජාතික සංවිධානයක් වන ‘සේව් ද චිල්ඩ්රන්‘ සඳහන් කර ඇත. විශේෂයෙන් පසුගිය රාමසාන් සමයේදී මේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණු බවත්, එරට කුඩා දරුවන් ඊට වැඩි වශයෙන් ගොදුරු වූ බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය…

India

අධික උණුසුමෙන් ඉන්දියාවේ 25ක් මරුට

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 25 දෙනෙකු මියගොස් තිබේ. සෙල්සියස් අංශක 40කට වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලින් ද වාර්තා වන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Zaporizhzhia

යුක්‍රේනයට අමෙරිකාවෙන් ඩොලර් බි. 33 ක ආධාර

යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර සැපයීමට අමෙරිකාව සූදානම් වේ. විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍ර‍ස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. එම ආධාර පැකේජයට යුද, ආර්ථික හා මානූෂිය වශයෙන් මුදල් වෙන්කර තිබේ.

canada
|

ලංකාවේ තත්ත්වය පිළිබඳව කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සංදේශයක්

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ අද ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව විසින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මෙම උද්ඝෝෂණය අවසානයේ දී කැනඩාවේ අග්‍රාමාත්‍යවරයාට සහ එරට විපක්ෂ නායකවරයාට ලංකාවේ තත්ත්වය පිළිබඳ සඳහන් සංදේශයක් භාර දීම විශේෂත්වයකි .

arugambey
|

” ආරුගම්බේ ” සිනමා පටය සදහා ඊශ්‍රායල සිනමාකරුවන් පිරිසක් මෙරටට

ඊශ්‍රායල ජාතික විසි දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ” ආරුගම්බේ ” නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණියහ . මෙම සිනමා පටය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්භේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි . මෙමගින් මෙරට සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික අරමුණ…

china
|

චීන නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක්

චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම අගුළු ලා සති තුනක් ගතවෙමින් තිබියදී නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. නගරයේ ඇතැම් නිවාස සංකීර්ණ මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීම චීනයේ නව කොවිඩ් වසංගතයේ බරපතළ ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. අනපේක්ෂිත අයුරින්…

russiya
|

පළමු වතාවට යුක්‍රේන හමුදාව රුසියාවට ප්‍රහාරයක් එල්ලකරයි

රුසියාවේ බෙල්ගොරෝඩ් නම් නගරයේ පිහිටි ඉන්ධන ගබඩාවකට යුක්‍රේන හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ලකර තිබේ. රුසියානු හමුදාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියාවට ප්‍රහාරයක් එල්ලවූ බවට රුසියානු බලධාරීන් පිළිගත් පළමු අවස්ථාව ලෙස මෙට සැලකෙයි.