russiya
|

පළමු වතාවට යුක්‍රේන හමුදාව රුසියාවට ප්‍රහාරයක් එල්ලකරයි

රුසියාවේ බෙල්ගොරෝඩ් නම් නගරයේ පිහිටි ඉන්ධන ගබඩාවකට යුක්‍රේන හමුදාව විසින් හෙලිකොප්ටර් යානා යොදාගෙන ප්‍රහාරයක් එල්ලකර තිබේ. රුසියානු හමුදාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියාවට ප්‍රහාරයක් එල්ලවූ බවට රුසියානු බලධාරීන් පිළිගත් පළමු අවස්ථාව ලෙස මෙට සැලකෙයි.

lockdown areas in sri lanka today
|

චීනයේ විශාලතම නගරය lockdown කරයි

චීනය සිය විශාලතම නගරය වන ෂැංහයි නගරය අගුළු දමන බව ඊයේ (28) නිවේදනය කළා. නව ආසාදන රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කරන අතරතුර මෙලෙස ෂැංහයි නගරය වසා දමන බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

uk
|

යුක්රේන යෝජනා සම්මත වෙයි

යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්‍රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය. යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර…

Intercontinental-ballistic-missile

අන්තර් මහද්වීපිත මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව තහනම් අන්තර් මහද්වීපිත මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කිලෝමීටර් 1,100 ක දුරක් ගමන් කර  උතුරු කොරියානු නැගෙනහිර මුහුදු සීමාවට එම මිසයිලය එල්ලකර ඇත. 2017 වසරෙන් පසු උතුරු කොරියාව සිදුකළ විශාලතම මිසයිල අත්හදා බැලීම මෙයයි.  

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව සුදානම්
|

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව සුදානම්

රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට ද අණ දී තිබේ. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.

putin
|

පුටින්ගේ පෙම්වතිය සහ දරුවන් ස්විට්සර්ලන්තයට

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින්නීය. අලීනාට දරු දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ පියා පුටින් බවත් විදෙස් වෙබ් අඩවි පවසයි. පසුගිය පෙබරවාරි 24 වැනිදා ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියන් හමුදා මෙහෙයවද්දී, අලීනා කබෝවා සහ දරුවන් ස්විට්සර්ලන්තයට යැවීමට පියවර ගත්තේය.

boijin
|

බොයිං 737 ගුවන් යානයක් කඩා වැටෙයි

දකුණු චීනයේ ගුවංෂි ශුආන්ග් කලාපයට මගින් 132ක් රැගත් බොයිං 737 ගුවන් යානය කඩා වැටී ඇත. මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය 09 දෙනෙක් එම අවස්තාවේදී යානයේ සිට ඇත.

joo
|

රුසියාවට සහාය දක්වන රටවලට අනතුරු ඇඟවීමක්

අමෙරිකාව විසින් රුසියාවට පනවනු ලැබූ දැඩි සම්බාධක සඳහා විකල්ප භාවිත කිරීම තුන්වැනි ලෝක යුද්ධයක අවදානම මතු කරනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ. අන්තර්ජාතික නීතියට පටහැණිව කටයුතු කිරීමෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇතැයි සෙසු රටවලට අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.    

china-omicron
|

නව ඔමික්‍රොන් ප්‍රභේදයක් නිසා චීනයේ ප්‍රාන්ත 13ක් යළි ලොක්ඩවුන්

බී.ඒ2 වර්ගයේ ඔමික්‍රෝන් වයිරසයේ අනු ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමඟ මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යළි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. නව කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අගවා තිබේ. වයිරසය පැතිරීම වේගවත් විය හැකි බවත් ඔවුහු කියා සිටිති.

රුසියාවට එරෙහිව නියෝගයක්
|

රුසියාවට එරෙහිව නියෝගයක්

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කර ඇති යුද ක‍්‍රියාමාර්ගය වහාම නතර කළ යුතු බව ජාත්‍යන්තර අධිකරණය නියෝග කළේය. රුසියාව යුක්රේනයේ ඩොන්බාස් පළාත තුළ ජන සංහාරයක් සිදු වූ වා යැයි කියමින් ආරම්භ කළ යුද මෙහෙයුමට විරුද්ධව යුක්රේනය විසින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර අධිකරණය මෙසේ රුසියාවට නියෝග කළේය.