චීනයට අනතුරු ඇඟවීම්
|

චීනයට අනතුරු ඇඟවීම්

චීනය රුසියාවට සහාය දක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ සහාය දීමක් කළොත් චීනයට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකා රජය අනතුරු ඇගවීමක් ද කර තිබේ. මේ අතර කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙනවා යැයි චීනය ප්‍රතිඥා දී තිබේ.

udanawa
|

ඇමරිකානූ යුද නෞකාවක් මෙරටට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත්, Arleigh Burke-Class Destroyer වර්ගයේ නෞකාවන් වන USS FITZGERALD (DDG 62) නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Arleigh Burke-Class Destroyer වර්ගයට අයත් USS FITZGERALD (DDG 62) යුද නෞකාව දිගින් මීටර 160 ක් සහ නැව් මුළුව…

virus
|

යුක්රේන රසායනාගාරවල ඇති වෛරස් විනාශ කරන්නැයි WHO ඉල්ලයි

රුසියානු හමුදා සමග යුද්ධයට මැදි වී තිබෙන ප‍්‍රදේශවල පිහිටා ඇති පර්යේෂණ රසායනාගාරවල තැන්පත් කර තිබෙන කොරෝනා වෛරසය ඇතුළු මිනිසාට හා සත්ත්වයන්ට හානිකර වන භයානක රෝගකාරක වෛරස් හා බැක්ටීරියාවන් පිටතට කාන්දු වීම වැළැක්වීම සඳහා ඒවා විනාශ කර දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයට උපදෙස් දී තිබේ. යුක්රේනයේ යුද ගැටුම්වලට මැදි වී තිබෙන ප‍්‍රදේශවල මිනිසාට හා…

Canadian-sniper
|

ලොව අංක එකේ ස්නයිපර්කරු “වාලි” යුක්‍රේනයට

ලොව අංක එකේ ස්නයිපර් වෙඩික්කරුගේ සහය යුක්‍රේනයට ලැබි ඇත. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටියි. ඔහුගේ විශේෂත්වය වන්නේ කිලෝ මීටර් 3 යි දශම දෙකක දුරින් පිහිටි ඉලක්කයකට වුවද සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව පැවතීමයි. මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබලුන් පිරිසක් ද…

යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
|

යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.

putin
|

රුසියාවේ සතුරු රටවල් ලයිස්තුව ප‍්‍රකාශයට – ශ‍්‍රී ලංකාවත් ඇතුලත්ද?

රුසියාවට සතුරු රටවල් සේ සලකන රටවල් ලයිස්තුවක් රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් එලි දක්වා තිබේ. එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. සතුරු රටවල්  ලයිස්තුව මෙන්න. ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සියලුම රටවල් එක්සත් රාජධානිය යුක්රේනය මොන්ටිනීග්‍රෝ ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව ඇන්ඩෝරා අයිස්ලන්තය මොනාකෝ රාජ්‍යය නෝර්වේ රාජ්‍යය සැන් මැරීනෝ…

usa-soldjer
|

ඇමරිකානුවන් 3,000ක් රුසියානු හමුදා සමඟ සටන් වැදීමට සැරසෙයි

යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින් කළ ඉල්ලීමකට අනුව රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවෙයි. වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ ඇති බවයි.

putin
|

ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර…

යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී
|

යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී

යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියන් හමුදාව විසින් අත්පත් කරගනු ලැබූ පළමු අවස්ථාව මෙයයි. කර්සොන් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට සැතපුම් 300 ක් දකුණින්ය. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති. කර්සොන් නගරාධිපතිවරයා රුසියන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ නගර වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසටය.

belarus
|

යුක්රේනයට පහරදීමට බෙලාරුස් විශේෂ බළකායද රුසියානූ හමුදාව සමඟ එක්වෙයි

යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ යෙදී සිටින රුසියානු හමුදාවට සහාය පිණිස බෙලාරුස් රාජ්‍යය ද එක්වී ඇත. යුක්රේන බුද්ධි සේවාව හෙළි කළේ බෙලාරුස් ජනපති ඇලැක්සැන්ඩර් ලූකාසෙන්කෝ සිය විශේෂ බළකාය කයිවු නගරයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ප‍්‍රවාහන යානාවලට යවා ඇති බවයි. බෙලාරුස් සිට යුක්රේනයේ සයිටෝමීර් ගුවන්තොටුපළට රොකට් ප‍්‍රහාරයක් එල්ලවූ බව යුක්රේන බුද්ධි සේවාව හෙළිකර ඇත. රුසියානු ආක‍්‍රමණයෙන් සිවිල් වැසියන්…