india coronavirus covid katha puwath

යළි රාත්‍රියේ ඇඳිරි නීතිය

සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් 19 ආසාදිතයින් සැලකිල්ලට ගනිමින් අද(27) රාත්‍රී සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ දිල්ලි රජය තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව දිනපතා රාත්‍රී 11:00 සිට පසුදින අලුයම 05:00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි. සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12:00 සිට රාත්‍රී 10:00 දක්වා පමණයි….

Update on Omicron
|

ඉන්දියාවේ ඔමික්‍රෝන් රැල්ලක්

ඉන්දියාවෙන්  ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත ආසාදිතයින් 415 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ආසාදිතයින්ගෙන් 91%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්වුවන් වන අතර 27% ක් කිසිදු විදෙස් සංචාරයක නිරත නොවූ පුද්ගලයින් බව සඳහන් වෙයි. ඉන්දියාව තුළ  බූස්ටර් මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි කනස්සල්ල පළ කරති.  

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

කොරෝනා නිසා චීනයේ නගරයක් වැසෙයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනය යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා. එලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරයයි. අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. මේ වන විටත් රට පුරා කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනිමේ පරීක්ෂණ ක්‍රියාත්මක අතර ආසාදිතයින් වාර්තා…

ggoo afghanistan end game, afghanistan end of war, afghanistan end of empires, afghanistan end of the world, afghanistan end state, afghanistan end of monarchy, afghanistan end of service, when did the war in afghanistan end, war in afghanistan end date, when will the war in afghanistan end

ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි

සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මිලියන 23 ක පමණ ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනය⁣ටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු…

afgun valampuri news

ඇෆ්ගන් සරණාගතයින් පුරවැසිභාවය ලැබීමෙන් පසුව පවා ඕස්ට්‍රේලියාවට අකමැති වන්නේ ඇයි?

2016 වන විට, ඕස්ට්‍රේලියාවේ උපන් ඇෆ්ගනිස්ථාන පුද්ගලයින් 47,000 ක් පමණ සිටි අතර, ඔවුන්ගෙන් බහුතරයක් සරණාගතයින් ලෙස පැමිණ තිබෙන අයයි. හෘද රෝග විශේෂඥ හෝමා ෆොරෝටන්, මාධ්‍යවේදියෙකු වන යාල්ඩා හකිම් සහ සටන් කලා නළු හුසේන් සාදිකි වැනි ප්‍රකට ඇෆ්ගනිස්ථාන ජාතිකයින් කැපී පෙනෙන දායකත්වයක් ඕස්ට්‍රේලියානු සමාජයට ලබා දී ඇත. කෙසේ වෙතත්, සමහරක් වු පර්යේෂණවලින් පෙනී යන්නේ අනෙකුත් ඇෆ්ගන්…

jackline

ජැක්ලින්ට රටින් පිටවීම තහනම් වෙයි

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩර්ස් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්, රටින් පිටව යාම හදිසියේම නතර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තේය. ඒ ජැකලින් සංදර්ශනයකට ඩුබායි බලා පිටත්ව යාමට පැමිණී අවස්ථාවේ දී ගුවන් තොටුපොළ බලධාරීන් මෙලෙස ඇයගේ විදෙස්ගතවීම අත්හිටුවීමට ක්‍රියා කළේ ය. ඒ, ඉන්දීය ආරක්ෂක නිලධාරීන් නිකුත් කළ චක්‍රලේඛයකට අනුවයි.

seneru

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රිය වෙයි

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙනසුරාදා (4) ආරම්භ වූ සෙමුරු ගිනිකන්ද සක්‍රීය වීමෙන් 13 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත. ඝන දුමාරයෙන් හිරු වැසීගිය බව ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත විස්තර කර ඇත. මේ නිසා ප්‍රදේශයේ අඳුරු සහගත තත්ත්වයක් පැතිර ගොස් ඇති බවත් වැඩිදුරටත් පැවැසේ. නිල වාර්තා අනුව මේ සිද්ධියෙන් 57 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඇතැම් අයට…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීන්නූ මෙරට ව්‍යාපෘති හකුලා ගෙන මාලදිවයිනට යයි

චීන සමාගමක් මගින් උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ. ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම…

entabeairport

ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වෙයි

අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි, උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්’ බැංකුව විසින් අත්පත් කරගනු ලැබ තිබේ. 2015 වසරේ නොවැම්බරයේ උගන්ඩා රජය,…