entabeairport

ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වෙයි

අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි, උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්’ බැංකුව විසින් අත්පත් කරගනු ලැබ තිබේ. 2015 වසරේ නොවැම්බරයේ උගන්ඩා රජය,…

lanka gossip

අම්බානි පරදා ආදානි ඉදිරියට

ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස විරුදාවලිය ලත් මුකේෂ් අම්බානි අභිබවා යමින් ගෞතම් ආදානි ඉන්දියාවේ සහ ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. මෙම වසර තුල අම්බානි ඇමරිකානු ඩොලර් බිලියන 14.3ක ධනයක් රැස් කර ඇති අතර ආදානි එම කලය තුල ඇමරිකානු ඩොලර් බිලියන 55කින් ඉහළ ගොස් ඇත. ආදානි සමූහයේ කොටස් වටිනාකම ඉකුත් බදාදා ඉහළයාමක් වාර්තා වූ…

earthq
|

ඉන්දියාව සහ මියන්මාරය අතර භූ කම්පනයක්

ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා. එම කම්පනයේ බලපෑම ත්‍රීපුර, මනිපූර්, මීසොරාම් සහ ඇසෑම් ප්‍රාන්තවලට සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මේ හේතුවෙන් සුනාමි අවධානමක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

australiya

ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර හිමිවන පිරිස

ලබන දෙසැම්බර් මස පළමුවනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ වීසා බලපත්‍ර හිමි පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට අවසර ලබාදී තිබේ. ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා දැනට පනවා ඇති කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ එම පියවර ගත් බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.

lanka ads

වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස් වෙයි

මියැන්මාර හමුදා උසාවියෙන් පසුගියදා වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධි කටයුතු සහ හමුදා රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම වැනි කරුණු කිහිපයකට ඔහු වරදකරු බව උසාවිය පසුගියදා තීන්දු කර තිබිණි. ජපාන රජයේ ඉල්ලීමක් මත පසුව ඔහු නිදහස්…

sinhala news papers
|

FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට

FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….

gonussan

ඊජිප්තුවේ අස්වාන් නගරය ගෝනුස්සන් ආක්‍රමණය කරයි

මාරාන්තික විෂ සහිත ගෝනුස්සන් දෂ්ට කිරීම හේතුවෙන් ඊජිප්තුවේ අස්වාන් නගරයේ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෝනුස්සන් දෂ්ට කිරීම් හේතුවෙන් තවත් 450 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය. අධික වැසි සහිත අහයපත් කාලගුණය හේතුවෙන් ගෝනුස්සන් නගරයේ වීදිවලට ගසාගෙන ගොස් තිබීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.

aresst
|

වෙබ් මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක්

මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩැනී ෆෙන්ස්ටර් නම් 37 හැවිරිදි අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිට තිබුණි. සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය.     sri lanka ads

news today in sri lanka

වසර 116කට පසු චීනයට වාර්තාගත හිමපතනයක්

වසර 116කට පසු චීනයේ වැඩිම හිමපතනය පසුගියදා වාර්තා විය. නැගෙනහිර චීනයට ඇද හැලුණු මේ හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යැං නුවර සම්පූර්ණයෙන්ම වැසී ගිය බවත්, එය අඟල් විස්සක් තරම් ඝනකමකින් යුතු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනි දරුණු හිමපතනයක් සිදු වී ඇත්තේ 1905 වසරේදී ෂිංහුවා ප්‍රාන්තයේ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය….

chennai

චෙන්නායි නුවරට මහ වැසි

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට  ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ. ඊයේ අළුයම දක්වා අඛණ්ඩව වර්ෂාව පතිත වීම හේතුවෙන් නගරයේ පහත්බිම්වල පදිංචි ජනතාවට වහා ඉවත්වන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා ඇතැයි වාර්තා වේ. මෙවැනි අධික වර්ෂාවක් චෙන්නායි නුවරින් වාර්තා වූයේ 7කට පසුව බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.