රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමක්
ලොව රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එහෙත් එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.
ලොව රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එහෙත් එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.
විදෙස් සංචාරකයින් සදහා මාස 19කට පසු සිය දේශසීමා යළි විවෘත කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඉදිරි උත්සව සමයට සමගාමීව විදෙස් සංචාරකයින් සදහා මෙතෙක් පනවා තිබු සීමා ලිහිල් කිරීමේ පළමු අදියර ලෙස කොරෝනා මර්ධන පුර්ණ එන්නත්කරණයට ලක්වූ වරලත් ගුවන් යානා මගින් පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඉන්දියාවට ඇතුළු වීමට අවසර හිමි විය.
කෙන්යානු ජාතික දිගු දුර ධාවන ධාවන ලෝක ශූරිය Agnes Tirop ගේ සිරුර ඇයගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා. ඇය පිහි ඇනුමකින් ඝාතනය වී ඇති බවටයි සැකපළ කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එංගලන්තයේ ඩයනා කුමරියට ගෞරව පුද කිරීමේ උත්සවයක් ලබන සතියට යෙදී තිබේ. කෙසේ වුවද රජ පවුලෙන් ඈත්ව සිටින හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය ඊට සහභාගී නොවීමේ තීරණයක සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ. මෙම සැමරුම් උත්සවය පැවැත්වෙනුයේ කෙන්සිංටන් මාලිගයේදීය. කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ඇතුළු ආරාධිතයින් සියයක් පමණ මීට සහභාගී වීමට නියමිතය. සැමරුම් උත්සවය එළඹෙන 19වනදා පැවැත්වීමට…
සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් ලබාදුන් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිශක්තීරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ උපදේශක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අතිරේක මාත්‍රාව ලෙස අදාළ එන්නත් වර්ගයේම තවත් මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ලෝක සෞඛ්‍ය…
ලෙබනනයේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථාන දෙකක හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ (09) රාත්‍රියේත් රට අඳුරේ ගිලී පැවතියේය. මෙලෙස විදුලිය විසන්ධි වී තිබෙන්නේ ලෙබනනය ආර්ථික ගැටලු කිහිපයකින් පීඩා විඳින පසුබිමකය. විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා ඩීසල් හිඟවීමෙන් සෙනසුරාදා සිට ඒවායේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් බිඳවැටී තිබේ. පවතින වාතාවරණය තුළ ලෙබනනයේ දිළිඳු භාවය ඉහළ ගොස් ඇති අතර…
සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆෙස්බුක් සමාගම සමාව අයැද සිටිනවා. මෙම සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ දිනයේදීද පැය දෙකක් ෆේස්බුක් බිඳ වැටුණු අතර අදාළ සිද්ධින් වලට හේතුවී ඇත්තේ එහි පද්ධති සැකසුම් දෝෂයක් බව සඳහන්. මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆෙස්බුක් සමාගමට…
අභ්‍යවකාශ තරගයට නව මුහුණුවරක් ගෙන දෙමින් රුසියානු කණ්ඩායමක් චිත්‍රපට රූගත කිරීමක් සඳහා දැන් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගොස් සිටිනවා. ක්ලිම් ෂිපෙන්කෝ විසින් අධ්‍යක්ෂණය කරන එම චිත්‍රපටයේ තාරකාව වන්නේ යූලියා පෙරෙසිල්ඩ්. ජාත්‍යන්තර ගඟන මධ්‍යස්ථානයේ රුසියානු කුටියට ඇතුළු වූ ඔවුන් එහි රූගත කිරීම් ඉදිරි දින 08 තුළ දී සිදුකිරීමට නියමිතයි. මෙය අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය ලෙස…
චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය. ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම…
ඉන්දීය අගමැතිගේ සිට යෝහානිට ලැබුණු තෑගි එරට බ්‍රේකින් නිවුස් එකක් ද පුවත්පත් වල ප්‍රධාන පුවතක් වෙමින් ද නිතරම ඇය ගැන මාධ්‍ය වාර්තා පළවූ විය. ගෙවුණු සතියේදී ඉන්දියාවම පෙරළියක් ඇති කිරීමට යෝහානි සමත් වීය. තව ද තෙවන ප්‍රසංගය දා මැණිකේ මගේ ගීතය නැවත නැවත ගයන්න ඉල්ලමින් ජනප්‍රිය නළුවෙක් සංවිධායකවරුන් සමඟ ද ආරවුලක් ඇති කර ගෙන තිබු…