missaila

කොරියානු පසමිතුරෝ මිසයිල අත්හදා බලති

උතුරු කොරියාව සහ දකුණු කොරියාව  බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙන් ලොව වඩාත්ම අස්ථාවර කලාපය ලෙස සැලකෙන කොරියානු කලාපයේ උණුසුම ඉහළ ගියේය. මුලින්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සිදු වූ අතර, ඉන් දෙකක් කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක හමුදාව තහවුරු කළේය. එම අවස්ථාවට දකුණු කොරියානු ජනාධිපති මුන්…

kanbara

කැන්බරා තවත් සති 04 කට වැසේ

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පනවා තිබූ ලොක්ඩවුන් තත්ත්වය තවත් සති 04 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ  ඊයේ (14) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් තහවුරු වීමත් සමඟය. එරට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ එළඹෙන 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහාය. මේ අනුව කැන්බරා නගරයේ…

ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක්ද?
|

ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක්ද?

පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය. ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන්…

michelle
| | |

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය  පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල්…

මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
|

මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…

නව ඇෆ්ගනිස්තාන රජය චීනයට කිට්ටු වෙයි

නව ඇෆ්ගනිස්තාන රජය චීනයට කිට්ටු වෙයි

චීනය සමඟ සමීප සබඳතා පවත්වාගැනීමට තමන් සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර තිබේ. ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් චීනය ද පවසා ඇත්තේ නව රජයක් පිහිටුවීමට තලෙබාන් සංවිධානය ගත් තීන්දුව වඩාත් සාධනීය තත්ත්වයක් බවය. කලාපීය සහ ලොව සෙසු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වාගැනීමට තම රජය උත්සාහ කරන බව තලෙබාන් සංවිධානය අවධාරණය කර තිබුණි. මෙහිදී චීනය සමග…

imf
|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආණ්ඩුවට අකැප ඇයි ? – කීර්ති ගොඩිගමුව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු සම්ප්‍රදායික බැංකුවක් නොවන අතර එය මුල්‍ය සහ සංචිත අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන දෙකම 1944 එකම දිනක ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා ගනු ලැබීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ක්‍රියාකාරිත්වය පවතින ක්ෂේත්‍ර වන්නේ, මූලික වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික…

තලෙයිබාන් පන්ජ්ෂීර් නිම්නය අල්ලා ගනී

තලෙයිබාන් පන්ජ්ෂීර් නිම්නය අල්ලා ගනී

කාබුල් නුවරට නැගෙහිරෙන් පිහිටි එරට ප්‍රාන්ත හතරෙන් එකක් වන පන්ජ්ෂීර් ප්‍රාන්තයේ සති දෙකක් පුරා පැවැති දරුණු ගැටුමෙන් පසු එම ප්‍රාන්තයේ බලය අත් කරගැනීමට හැකිවූ බව තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් සඳහන් කර තිබේ. මේ ජයග්‍රහණයත් සමඟ සමස්ත ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතු වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

corona-vi
|

ගීනස් පොතට ගිය වෛද්‍ය පර්යේෂණය

විවිධ සැත්කම් සඳහා භාජනය වන රෝගීන්ට සිදු වන කොවිඩ් වසංගතයේ බලපෑම් සම්බන්ධව ලොව පුරා විද්‍යාඥයන් 15,025 දෙනකුගේ දායකත්වයෙන් පසුගියදා සිදු කරනු ලැබූ දැවැන්ත පර්යේෂණය එකම කරුණක් අරභයා ලොව වැඩිම විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදු කළ අධ්‍යයනය ලෙස ගීනස් වාර්තාවක් පිහිටුවා ඇතැයි වාර්තා වේ. මේ දැවැන්ත පර්යේෂණය සඳහා රටවල් 116ක රෝගීන් 1,40,000කට වැඩි ප්‍රමාණයක් සහභාගිවී ඇති අතර,…

LTTE තහනම ගැන දැනුම් දීමක්
|

LTTE තහනම ගැන දැනුම් දීමක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කර බවය.