තලෙබාන් අවිබලය ප්‍රදර්ශනය කරයි
තලෙබාන් සංවිධානය තමන් සතුව ඇති අවිබලය ප්‍රදර්ශනය කිරීම සඳහා යුද රථ පෙළපාලියක් පැවැත්වීමට කටයුතු කර තිබුණි. ඇෆ්ගන් හමුදාවේ වේගවත් බිඳවැටීම හමුවේ ඔවුන් සතුව පැවැති ප්‍රබල අවිබලය මේ වනවිට තලෙබාන් සංවිධානය අතට පත්වී තිබේ.
තලෙබාන් සංවිධානය තමන් සතුව ඇති අවිබලය ප්‍රදර්ශනය කිරීම සඳහා යුද රථ පෙළපාලියක් පැවැත්වීමට කටයුතු කර තිබුණි. ඇෆ්ගන් හමුදාවේ වේගවත් බිඳවැටීම හමුවේ ඔවුන් සතුව පැවැති ප්‍රබල අවිබලය මේ වනවිට තලෙබාන් සංවිධානය අතට පත්වී තිබේ.
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “මූ” යන නමින් නම් කර තිබේ. විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට…
බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කාබුල්නුවර හමීඞ් කාර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇබේ දොරටුව අසළ පුපුරා ගිය මරාගෙන මැරෙන ප‍්‍රහාරය නිසා පුද්ගලයන් 170 ක් මරුමුවට පත්විය. ඇමෙරිකාව ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල කළ ප‍්‍රහාරයෙන් තලේබාන් සාමාජිකයන් 28 දෙනකුද මරණයට පත්ව තිබේ. තලේබාන් නායකයෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ඇමෙරිකාවට වඩා හානියක් තම සංවිධානයට මේ ප‍්‍රහාරය නිසා සිදුවූ බවයි. ටි‍්‍රලියන දෙකක් වියදම් කර…
ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 90 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගුවන්තොටුපොළේ ප්‍රධාන ගේට්ටුව අසල සිදුව ඇති අතර දෙවන ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා රැඳිසිටි ගුවන්තොටුපොළ අසල හෝටලයක් ඉදිරිපිට සිදුව ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර…
කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. මෙමගින් ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවක් ලබා දීම අරමුණයි. ලොව රටවල්, සිය කෙරෝනා මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත්, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමටත්, මෙම අරමුදල් යොදා ගනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බව…
කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන තෙක් කාන්තා ශ්‍රමිකයින් නිවසේ රැඳීසිටිය යුතු බව තලෙබාන් සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වාදෙන්නේ කඩිනමින් අදාළ ක්‍රමවේදය සකස් කරන බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැච්ලර් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ කාන්තා අයිතීන් වෙනුවෙන් තලෙබාන් සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳ කනස්සල්ල පළ කරන බවය.
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථාන් රජයට හා අමෙරිකා හමුදාවට සහයෝගය ලබාදුන් පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වා දෙයි. ඇෆ්ගනිස්ථානයේ නගර කිහිපයක තලේබාන් සංවිධානය එරෙහි විරෝධතා පැවැත්වේ. තලේබාන් සංවිධානය රටේ පාලනය සියතට ගත් වහාම ඉතා මානුෂීයවාදී මුහුණුවරක් පෙන්නුම් කළ ද මේවන විට ඔවුන් සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවලට එළෙඹ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා…
පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබේ. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි එම පුද්ගලයා ට එරෙහිව මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි. එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින් ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට…
ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය ලොවටම පැහැදිලි පොරොන්දුවක් දුන්නේය. පොරොන්දුව දින කිහිපයක් ගතවීමටත් පෙර කඩකිරීමට එම සංවිධානයේ ආයුධ සන්නද්ධ සටන්කරුවන් ක්‍රියාකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කාබුල් අගනගරය ට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ජලලාබාඩ් නගරයේදී ඊයේ තලෙබාන් සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක් නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ තලෙබාන් තුවක්කුකරුවන් විසින් එම…
ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇති බව කැනඩා රජය නිවේදනය කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක්…