ennathkaranaya
|

මාරාන්තික ඩෙල්ටා COVID ප්‍රභේදය රටවල් 132ක‍‍‍

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය බදාදා නිවේදනය කළ පරිදි රටවල් 132 ක් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් වාර්තා කර ඇත. රටවල් අටක් එම ලැයිස්තුවට අලුතින් එකතු වී තිබේ. පසුගිය සතිය තුළ ගෝලීය COVID-19 සිදුවීම් 8% කින් ඉහළ ගොස් ඇති අතර නව ආසාදිතයින් මිලියන 3.8 කට වඩා වාර්තා වී තිබේ. ඒ අතරම, මරණ සංඛ්‍යාව…

michen
|

මිචෙලි බැෂලේ කෝප වෙයි

ඊශ‍්‍රායල් රජය පෙගසස් මෘදුකාංගය ඔස්සේ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ 1200 කට අධික අතරමැදියන් ගැන තොරතුරු සෙවීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කෝපයට පත්වී ඇත. එන්.එස්. ඕ සංවිධානය මෙම තොරතුරු සෙවීමේ යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍යවේදීන් 189 කගේ තොරතුරුද මෙලෙස විමර්ශනය කර ඇතැයි අනාවරණය වී ඇත.

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

COVID-19 සම්භවය අධ්‍යයනය කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධාන සැලැස්ම, චීනය ප්‍රතික්ෂේප කරයි

කොරොනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දෙවන අදියර සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සැලැස්මක් චීනය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වන්නේ චීන රසායනාගාර නිසි ක්‍රමවේද (ප්‍රොටෝකෝල) උල්ලංඝනය කිරීම නිසා පර්යේෂණ අතරතුරදී වෛරසය කාන්දු වීමට හේතු වී ඇතැයි යන උපකල්පනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැලැස්ම තුළ ලැයිස්තුගත කර තිබීමයි. වසංගතය වුහාන්හි ආරම්භ වූ බවට වන…

Immigrants UK
|

සිය ගණනක් සංක්‍රමණිකයන් එක්සත් රාජධානියට යති

එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට සිය ගණනක් සංක්‍රමණිකයන් දිගින් දිගටම උත්සාහ දරති. ස්වදේශ කටයුතු කාර්යාලය පවසන පරිදි බදාදා බෝට්ටු 11 කින් 219 දෙනෙකු සහ බ්‍රහස්පතින්දා බෝට්ටු 06කින් 175 ක් එක්සත් රාජධානියට පැමිණ තිබේ. ජූලි 19 වන සඳුදා අවම වශයෙන් සංක්‍රමණිකයන් 430 ක් දරුවන් ද සමඟ එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වීමට උත්සහ දරා ඇත. එය එක් දිනක්…

ජල ගැලීම් හේතුවෙන් යුරෝපානු කලාපයට දැඩි බලපෑම්

ජල ගැලීම් හේතුවෙන් යුරෝපානු කලාපයට දැඩි බලපෑම්

ගංවතුර හේතුවෙන් බටහිර යුරෝපයේ රටවල් කිහිපයක්  අවදානම් තත්වයකට මුහුණ පා තිබේ. පසුගිය බදාදා ආරම්භ වූ යුරෝපීය ගංවතුර ප්‍රධාන වශයෙන් ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්, උතුරු රයින්-වෙස්ට්ෆේලියා සහ බෙල්ජියමේ සමහර ප්‍රදේශවලට බලපා තිබේ.  සිකුරාදා වන විට එයින් මියගිය සංඛ්‍යාව 125 ක් වන අතර 1,300ක් තවමත් අතුරුදහන් සිටිති. ගංවතුර නිසා වැඩිම බලපෑමක් සිදු වූයේ ජර්මනියටයි. ගංවතුර අනතුරු ඇඟවීමේ…

indunisia
|

ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය ද….?

ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. මෙම මාසයේ දි ඉන්දුනීසියාවේ දෛනික COVID-19 ආසාදිත සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉහළ ගිය අතර දෛනික මරණ සංඛ්‍යාව අනුව බ්‍රසීලය අභිබවා තිබුණි. ඉකුත් සඳුදා ඉන්දුනීසියාවේ COVID-19 මරණ 1,338 ක් වාර්තා විය. මේ වන විට ඉන්දුනීසියාවේ තහවුරු කරන ලද COVID-19 මරණ සංඛ්‍යාව 73,000 ඉක්මවයි. මේ වන විට එරට දෛනික…

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ඉදිරියට
|

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ඉදිරියට

දරුණු කොවිඩ් රැල්ලකට මුහුණදුන් ඉන්දියාව අභිබවා ගිය ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්විය. මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තාවන රට වන්නේද ඉන්දුනීසියාවය.වසංගතය තුළ එරටින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මරණ 1,338 ක් සිදුවී තිබුණි. මේ අතර ඉන්දුනීසියාවෙන් නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යා දත්ත බෙහෙවින් ඉහළ අගයක්…

corona
|

ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි

ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරාම ව්‍යාප්ත වී ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අ‌මෙරිකාව තුළ යළිත් වරක් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවය. රට තුළ එන්නත්කරණය අඛණ්ඩව සිදු වුවත් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ…

ඉතියෝපියා මහ මැතිවරණයේ ජය අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂයට

ඉතියෝපියා මහ මැතිවරණයේ ජය අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂයට

ඉතියෝපියා මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි නියමිත කලට මහ මැතිවරණය පැවැත්වීමට ඉතියෝපියාව අසමත් වූ අතර කල් දැමූ ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය අතිශය බහුතරයක් දිනාගැනීමට සමත් වී ඇත ඉතියෝපියා පාර්ලිමේන්තුවේ ආසන 436 න් 410 ක බලය දිනා ගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමත්වී තිබීම විශේෂත්වයකි

කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ජනතාව වීථි බසිති

කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ජනතාව වීථි බසිති

කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව වසර ගණනාවකට පසුව එරට ජනතාව දහස් ගණනින් වීථි බැස විරෝධතා පවත්වති. හවානා අගනුවර ඇතුළුව අනෙකුත් නගරවල ඔවුන් විරෝධතා පවත්වා ඇති අතර “ඒකාධිපති පාලනය බංගවේවා” යනුවෙන් ඔවුන් කෑ ගැසූ බව විදෙස් මාධ්‍ය පවසයි.