borinjonson
|

බ්‍රිතාන්‍ය කොවිඩ් වසංගතයට එරෙහි සීමා ලිහිල් කිරීමට සැරසේ

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයේ දැනට පවතින කොවිඩ් සීමාවන් ඉවත් කිරීම  සඳහා රජයේ සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් පසු වේ. මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ නීති, සමාජ දුරස්ථ භාවය පිළිබඳ නීති සහ නිවසේ සිට වැඩ කිරීම සඳහා වූ මඟ පෙන්වීම් මෙහිදී සංශෝධනය කිරීමට නියමිත  ය. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම සංශෝධනයන් එළඹෙන ජුලි 19 වනදා සිට…

පිලිපීන ගුවන් හමුදා යානයක් කඩා වැටේ
|

පිලිපීන ගුවන් හමුදා යානයක් කඩා වැටේ

පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක ප්‍රකාශ කළේය. යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි 92 දෙනකු සිට ඇතැයි ද ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා නිලධාරීන් යැයි ද හෙතෙම කීය. ගුවන් යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ ගණන 40ක් පමණ වන බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇතැයි බව වාර්තා වේ. අනතුරට පත්ව…

heat-in-Canada

කැනඩාවේ දැඩි උෂ්ණත්වයෙන් ජනතාවට පීඩා

කැනඩාවේ හදිසියේ ම හටගත් අධික උණුසුම් කාළගුණය හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස පීඩා එල්ල වී ඇති අතර මිනිසුන් මරණයට පත් වීමේ සිදුවීම්ද වාර්තා වේ. කැනඩාවේ සහ එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශවල මෙසේ අධික උණුසුමක් ඇති වී ඇත්තේ කැලිෆෝනියාවේ සිට ආක්ටික් ප්‍රදේශ දක්වා විහිදෙන අධි පීඩන උණුසුම් වාතයෙනි. විශේෂඥයන් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන්…

ukrene

යුක්රේනය, නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කරයි

යුක්රේන පාර්ලිමේන්තුව විසින් පසුගිය අඟහරුවාදා දින නව අධිකරණ ප්‍රතිසංස්කරණ පනතක් සම්මත කරනු ලැබීය. දූෂණය තුරන් කිරීම සහ ආයෝජකයින්ට වඩා හිතකරවූත් විශ්වාසදායකවූත් නීතියේ සමානාත්මතාවය පවතින පරිසරයක් ඇති කිරීමට මෙම අධිකරණ ප්‍රතිසංස්කරණ තුළින් අපේක්ෂා කරයි. යුක්රේනය තුළ පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය කලක පටන් යෝජනා සිදුකර තිබුණි. මෙම අධිකරණ ප්‍රතිසංස්කරණය පිළිබඳව…

ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව සිය නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලා තිබේ. ඔඩීෂා වෙරළ තීරයේදී “අග්නි ප්‍රයිම්” ලෙස නම් කර ඇති එම මිසයිලය ගුවන්ගත කර ඇත. කිලෝමීටර 1000 -2000 ත් අතර පරාසයක විහිදෙන එම මිසයිලය ඉදිරි පරම්පරාවේ න්‍යෂ්ටික හැකියාවන්ගෙන් සමන්විතවූවකි. ඉන්දියාවේ අග්නි මිසයිල මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ලෙස එම අත්හදා බැලීම සිදු කළේ ය.  

පෙන්ටගනයෙන් ගුවන් ප්‍රහාර

පෙන්ටගනයෙන් ගුවන් ප්‍රහාර

ඉරාකයේ සහ සිරියාවේ සිට ක්‍රියාත්මක ඉරාන සහාය ලබන සටන් කණ්ඩායම් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය (අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය) නිවේදනය කළේය. එම කණ්ඩායම් විසින් අමෙරිකානු හමුදා වෙත එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරවලට පිළිතුරු ලෙස ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කළ බව අමෙරිකාව පැවසීය. ඉරානය පැවසුවේ එම  ඩ්‍රෝන ප්‍රහාර ගැන තමන්ගේ සම්බන්ධයක් නොමැති බවය. අමෙරිකානු හමුදාවේ 2,500ක් පමණ…

Coronavirus-in-India

ව්‍යාජ කොවිඩ් එන්නත්

ඉන්දියාවේ මුම්බායි සහ කොල්කටා නගරවලදී පුද්ගලයන් 2,500කට පමණ ව්‍යාජ කොවිඩ් එන්නත් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එසේ එන්නත් වශයෙන් ලබාදී ඇත්තේ සාමාන්‍ය සේලයින් දියර හෝ ප්‍රතිජීවක ඖෂධ බව පොලීසිය පවසා ඇත. සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දුමින්දට සමාව දීම අනුමත කල නොහැකියි
|

දුමින්දට සමාව දීම අනුමත කල නොහැකියි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත්…

කෙනත් කවුන්ඩා මිය යයි

කෙනත් කවුන්ඩා මිය යයි

සැම්බියාවේ ප‍්‍රථම ජනාධිපති වූ කෙනත් කවුන්ඩා අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය. ලූසාකා අගනුවර හමුදා රෝහලට ඇතුළත් කර තබූ කවුන්ඩා නිව්මෝනියා රෝගයට ලක්වී ඇත. 1964 දී සැම්බියාවේ ප‍්‍රථම ජනපති ලෙස පත්වූ කවුන්ඩා 1991 දී දේශපාලනයෙන් ඉවත් විය. මේ අතර සැම්බියා රජය දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශ කර ඇත.

chinaman

චීන්නු මාස 3කට අභ්‍යවකාශ ගතවෙයි

චීනය විසින් ගගනගාමීන් තිදෙනෙක්ව අභ්‍යවකාශයට යැවීය. එම තිදෙනා චීනය විසින් පාලනය කෙරෙන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වීමට නියමිතය. එම ගගනගාමීන් තිදෙනා වන්නේ, නී හයිශෙන්, ලියූ බෝමින්ග්, සහ ටැංග් හෝන්බෝ ය. ඔවුන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 3ක කාලයක් ගතකිරීමට යෝජිතය. ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිතය.