චීන්නු මාස 3කට අභ්‍යවකාශ ගතවෙයි
චීනය විසින් ගගනගාමීන් තිදෙනෙක්ව අභ්‍යවකාශයට යැවීය. එම තිදෙනා චීනය විසින් පාලනය කෙරෙන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වීමට නියමිතය. එම ගගනගාමීන් තිදෙනා වන්නේ, නී හයිශෙන්, ලියූ බෝමින්ග්, සහ ටැංග් හෝන්බෝ ය. ඔවුන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 3ක කාලයක් ගතකිරීමට යෝජිතය. ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිතය.